💕...42...💕

295 90 28
                                    

..

..


..




..ජා..න් කෝ.....



ඇත්තෙන් බාගයක් දැනගත්තට  හිතේ තිබ්බ සතුට වාශ්ප වෙලා ගියා වගේ දැනෙන මගෙ උගුර කට පවා වේලිලා ගියා....මං එනකම් ඉන්නවා කිව්ව කොල්ලා කා එක.ඇතුලේ හිටියෙ නෑ..පිටිපස්සට එබුනා උනත් එතනවත් එයා හිටියේ නැති කොට බයටම ගැස්සිලා ගිය මං ඔලුවෙත් අත ගහන් වටේට කැරකුනා....එයා එලියට ආවා නම් හොයාගන්නවා කියන එක හිතන තරම් ලේසි පහසු නෑ...කායි සූගේ කම්පැනි එක කියන්නෙ හොස්පිටල් එකක් තරමටම කාර්යබහුල තැනක්..හුස්මක්වත් ගන්න ඉඩක් නැතුව මිනිස්සු හැමතැනම දුවනවා.කාටවත් නැවතෙන්නවත් ඕනකමක් නෑ..ඒ හැමොම එයාලගේ ලෝකවල...ෆෝන් එක කනේ ගහන් හරි ෆයිල් එකක් පෙරලන් හරි අනිත් කෙනා එක්ක කතා කරන ගමන් ඒ හැම කෙනෙක්ම ඇතුලටයි එලියටයි යනවා...යටි පතුලේ ඉදන් දැම්ම දාඩිය එක්ක හොඳටම කලබල වෙලා හිටිය මං මොහොතක්වත් පමා නොවී ආයේ කම්පැනි එක පැත්තට දිවුවා...කියන හැටියට නම් එයාට ආයේ කරදරයක් කරන්න කිසිම කෙනෙක් නෑ..ඕනකම තිබ්බත් දැන් ශියෝලගෙ කම්පැනි එක බන්කොලොත් වෙලා ඉවරයි...ජාන් හිටියත් නැතත් ඒ කාටවත් එයාගෙන් වැඩක් වෙන්නෙ නෑ....ඒ කියන්නෙ මේක ඒ ව්දිහෙ දෙයක් වෙන්න බෑ...හිතෙන හැටියට ජාන්ම මුරන්ඩුකමට එලියට ගිහින්...ඒත් දෙයියනේ ඇයි මේ කොල්ලට කියලා යන්න බැරි උනෙ...ෆෝන් එක ගන්නෙවත් නෑ...හිතන් ඉන්නෙ මට දිවැස් තියෙනවා කියලද යන තැන හොයාගන්න ..ජා..න්ට මොනා හරි උනොත් කාට නැතත් මට එක්කෙනෙක්ට නම් උත්තර බඳින්න වෙයි හොඳටම...

..ජාන්..ජා...න් කෝ මේ කොල්ලා....

    හොයන්නම ඇවිදිලා හති වැටුනු තැන මං දනිස් දෙකටත් අත් දෙක තියන් හුස්මක් ඇදලා ගත්තා....දිව්වට වඩා හිතට දැනුනු බයටම මට හති...ඒ අස්සෙන් යියි කෝල්ස් ගන්නවා..ආන්සර් කරලා ජාන් ගැන ඇහුවොත් මට කියන්න දෙයක් ඇත්තෙත් නෑ ...කොහොමත් කොල්ලා කෝල්ස් ගන්නෙම ජාන් ගැන අහන්න බලන් තමා....එකදිගට කෝල්ස් දහයක් විතර..තවත් පරක්කු උනොත් එයත් කලබල වෙයි කියන බයට මං කෝල් එකක් ආන්සර් කලා....


..හ්..

..ගේ..ගේ..ඇයි කෝල්ස් ගන්නෙ නැත්තෙ ආ..මොන ලෝකෙද හිටියේ...කෝ ටෙඩි..එයා ඉන්නවද..කොහෙද ඔය දෙන්නා ගියේ කියලා මට කියනවද ආ...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Kde žijí příběhy. Začni objevovat