💕...30...💕

306 89 42
                                    

..

...

...







   මං තොල් දෙක කට ඇතුලට දාගත්තා...මොකද ඒක කිව්ව ගමන් යියිගේ මූනට උන දේ දැකලා මට ආව හිනාව නවත්තගන්න අමාරු උනා..ගැස්සිලා ගිහින් ඔලුව උස්සලා බලපු යියි බය වෙලා වගේ මගෙ මූන දිහා බැලුවා...එයාගේ කටත් බාගෙට ඇරිලා...ලොකු වෙලා තිබ්බ ඇස්වල යාන්තමට වගේ කදුලු පටලයක් බැදීගෙන එනවා.....කතා කරගන්න හැදුවත් එයාගේ තොල් වෙව්ලනවා වගේ...කදුලු පනී කියලා බයටම වගෙ වේගෙන් එක ළඟ ඇහිපිය ගහලා මගෙ මූන දිහා බැලුවා....අනේ පවු මගෙ කොල්ලා....ඔහොම කදුලු පුරවන් ඉද්දි ආදරේ බෑ...

..ජ්..ජා..න්ගේ...බෝ...යි..ෆෙන්..ඩ්...

..ඇයි ඔයා දන්නෙ නැද්ද..

කදුලු පිටින්ම ඔලුව දෙපැත්තට වනනවා...කතා කරගන්නත් බෑ කටහඩ බිදිලා ගිහින්...

..අයියෝ..මං හිතුවෙ අනිත් දේවලුත් දන්න එකේ මේකත් දන්නවා ඇති කියලා....

..ග්..ගේගේ ද..න්නේ කො..හොමද..ඇයි මට..කල්...ලින්...

..මං දන්නෙත් අද අනේ..

..ආ   හ් .

..ජාන් ආවේ නෑ කියලා බලන්න අද උදේ එයා මෙහෙ ආවනේ....

..මොකක්..මෙහෙ ආවා???..ආ...හ්...ගේගේ මෙහෙ ආවා..මොකාද ඌ..ඒ මොකාද ගේගේ..මට කියනවා...

  යියි කදුලු පුරවගෙනම කේන්තියෙන් කෑ ගහන්න පටන් ගද්දි මං මොනවත් දන්නෙ නැති අහින්සකයෙක් වගේ බලන් හිටියා...තව ටිකක් විහිලු කරන්න හැදුවත් වොශෲම් එකේ ඇතුලෙන් ශවර් එකේ සද්දෙ ඇහෙන්න ගද්දි යියි ඒ පැත්තට බෙල්ල හැරෙව්වා...

..ජාන් ගියේ නැද්ද..

..යන්න ඉතින් බෝයිෆ්‍රෙන්ඩ් එනකොට එයා හිටියේ වොශෲම් එක ඇතුලෙනේ.එ.

..ඉතින් ...

  යියි අත මිටමොලවන්...එයාගේ බෙල්ලෙ නහර පවා ඉල්ලිප්පිලා..දැන් නම් මටත් බයයි...එන ඒමට මට ගැහුවොත්..

..අ.. .ම් මේ..මං ඉතින් කිව්වා යන්න මං ජාන්ව එවන්නම් කියලා...එයා ඇවිත් හිටියේ ජාන්ව කැම්පස් එකට එක්කන් යන්න...

..ඇයි යන්න කකුල් දෙකක් නැද්ද ආහ්...මොකටද එක එකා එක්කන් යන්න එන්නෙ...මේක මොකක් කියලද හිතන් ඉන්නේ..මොකාද ඌ ගේගේ...ආ..මට කියනවා ඒ මොකාද කියලා...ඔයා කොහොමද දන්නෙ ඒ ජාන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා...ජාන් ඉන්නෙ මෙහෙ කියලා ඒකා දන්නෙ කොහොමද...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now