💕..01..💕

2.1K 167 41
                                    


..

..

..




..කොහොමද මැනික..

ලොකු හුස්මක් ඇද ගත්තු මං ඇස්වලින් කදුලු වට්ටන්නෙ නැතුව ඉන්න පුළුවන් තරම් උත්සහා කරන ගමන් එයා දිහා බැලුවා..ඒත් ඒ ඇස්වලින් කිසිම හැඟීමක් පල නොවෙද්දි අමාරුවෙන් හරි හිර කරන් හිටිය කදුලු කැට මගෙ ඇස්වලින් කඩන් වැටුණා..

..ඔයා මං එක්ක තාම තරහද..ආ..ඒකද මාත් එක්ක කතාවත් කරන්නෙ නැත්තේ..ඔයා ඔහොම ඉද්දි මට පුළුවන් ද මැනික හිත හදන් පැත්තකට වෙලා ඉන්න..මං දන්නවා මගෙ අතින් වැරැද්දක් උනා..මේ හැමදේම ඒ නිසයි..ඔයාට මට ගහන්න හිතෙනවා ඇති.. බනින්න හිතෙනවා ඇති..ඒ ඕන එකක් කරන්න..ඒත් මං එක්ක තරහා වෙලා ඉන්න එපා මැනික..මට දරා ගන්න බෑ ඔයා ඔහොම ඉන්නකොට..මට සමාව දෙන්න බැරිද රත්තරන් ..දැන් කී දවසක්ද..ඔයාට මට සමාව දෙන්න බැරිද පන..


  මං පින්නෙන් පෙගුනු තණකොළ ගොල්ලෙ දන ගහන් ඒ ඇස් දිහා කෙලින් බලන් හිටියා..

..ඔහොම ඉන්න එපා පන..මට හුඟක් පාළුයි..ඉවරයක් නැතිව මං ගාව ඉදන් කියවන ඔයා ඔහොම සද්ද නැතුව ඉද්දි මං හිත හදන් ඉන්නෙ කෝමද කියන්න..හා පැටියෙක් වගේ මං ළඟ හුරතල් උනු ඔයා අද ඔහොම අහක බලන් ඉද්දි මට පුළුවන් ද කියන්නකො මැනික වාවන්න..ඇයි මට මෙහෙම කරන්නෙ මැනික..ඔය ඇස්වලට පේන්නෙ නැද්ද මං දුක් විදින තරම..මාව අතරමං කරලා ඔහොම ඔයා පැත්තකට වෙලා ඉන්නවා බලන්න මට තවත් හයියක් නෑ දෙයියනේ..මට සමාව දීලා ආපහු මං ගාවට එන්න බැරිද මැනික..ආ..හ්..ඔයාගේ නපුරා ගාවට ආයෙම එන්න බැරිද පන..

  මං මගෙ කම්මුල්වලින් කදුලු ගලාගෙන යන්න දීලා ඉටිපන්දමක් අරන් පත්තු කලා..ඒ ඉටිපන්දම්  එළියෙන්  ගල් පුවරුවේ තිබ්බ පින්තූරේ හිටිය එයා ලස්සන හිනාවක් මට දුන්නත් මට ආපහු උත්තර දෙන්න පුළුවන් උනේ වේදනාව පිරුණු මැරිලා ගිය හිනාවකින් විතරයි ..එයා ගියේ මගෙ හිනාවත් අරන් වෙද්දි මට පුළුවන් ද තවත් හිනා වෙන්න..

..මැනික..මට කියන්න ඔයා කොහොම ඔය විදිහට මං නැතුව තනියම නිදාගෙන ඉන්නේ..ඔයාට පුළුවන් ද මට තුරුල් වෙන්නෙ නැතුව නිදා ගන්න..කොට්ට සීයක් තිබ්බත් නින්දෙන්ම මාව හොයන් එන ඔයට පුළුවන් ද මැනික ඔය සීතල පෙට්ටිය අස්සෙ හැරෙන්නවත් ඉඩ නැතුව නිදා ගන්න..ම්ම්..ඔහොම නිදාගෙන ඉන්න එපා පන..මගෙන් උනු හැම වැරැද්දකටම මං ඕන දඬුවමක් විදින්නම්..ඒත් ඔය විදිහට මාව ඇහෙන්නෙ නෑ වගේ ඇස් පියන් ඉන්න එපා මැනික..මට සමාව දීලා ආයෙම මං ගාවට  එන්නෙ බැරිද ..ඉස්සර වගේ කකුල් රිදෙනවා කියලා බොරුවට මගෙ ඇගේම එල්ලිලා ඉන්න එන්න බැරිද චූටි මැනික..

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now