💕...19...💕

342 92 20
                                    

..

..

..

..ආ...ව්වුහ්..ආ...වුහ්...ගේ....ගේ.....මා...ව නැගි..ට්ටවන්නකෝ......ව්.....







යියි පොලොවත් බදාගෙන කෑ ගහද්දි මං පනින්න හදපු හිනාව හිර කරගෙන එයා ලගට ගියා...ඒ දුවන් ගිය පාරට බෑග් එක දොර ලගටම විසිවෙලා ගිහිල්ලා...ඒ උනාට කොල්ලා තාම සෝෆ එක ගාව...ගෙම්බා පොලෙ ගැහුවා වගේ එක කකුලක් දනිසෙන් නැවිලා අනික පිටිපස්සට දික් වෙලා......පවු දෙයියනේ...ඒ වැටුනු පාරට නහය වැදුනද දන්නෙත් නෑ...ඔලුව උස්සන්නෙත් නෑ එයා කෑ ගහනවා...මං ඇස් කරකවලා එයාගේ වලලුකර දිහා බැලුවා....මුරන්ඩු පොඩි එකා..අපි හැමෝගෙම ඇස් වහලා ජාන් යියිගේ කකුලක පටියක් ගැට ගහලා ලෙහුනු සපත්තු ලේස් එකක් එක්ක අමුනලා.....පටිය බැදලා තිබ්බෙත් බර මේස කකුලද වෙද්දි හාල්මැස්සෙක් වගේ ඉන්න මගෙ කොල්ලා සුළි සුළඟක් ආවා වගේ කැරකිලා ගිහින් වැටිලා හිටියා.....හොර ගෙඩියා සෝෆා එක ගාව බිම තාමත් වාඩිවෙලා ඉද්දි මං තොල් එකට තද කරගෙනම යියිව නැගිට්ටුවා....එයාගේ මූන නම් රතු වෙලා...අඩන්න නෙවේ කේන්තියට....නාස් පුඩු පවා ඉලිප්පිලා තරහටම කම්මුල් තවත් පිම්බිලා....දැන් ඉතින් ජාන් ඉවරෙටම ඉවරයි.....මං නැගිට්ටෙව්වා උනත් කොල්ලා මගෙ අතත් ගසලා දාලා ජාන් ගාවට ගියේ යන්න තිබුනු ගමනත් අමතක කරලා දාලා....

..ටෙ..ඩියොඉ...මං ආය කියන්නෙ නෑ....ඔහොම ඉන්නවා..ඔය ඔතනට වෙලාම ඉන්නවා...ටෙ..ඩියෝ...හ්..ඇත්තමයි මා අද.....


යියි නැගිටිද්දිම ජානුත් නැගිටලා දුවන්න ලෑස්ති වෙලා හිටියා..යියි ඉස්සරහට තියන අඩියක් ගානේ ජාන් කපටි හිනාවක් මූනේ තියන් පස්සෙන් පස්සට ගියා....කොල්ලා දන්නවා දැන් ගුටි කන්න වෙනවා කියලා...ඒත් ඒකට දුකක් නෑ වගේ...මූනේ තියෙන බැල්මෙන්ම ඒක තේරෙනවා...මං හිතන්නෙ ඔය ඉරිසියාව තියෙන්නේ...වෙන මොකටවත් නෙවේ උදේ ඉදන් ජාන්ව ගනන් ගන්නෙවත් නැතුව පාටි එකකට යන්න දැගලුවට..ගියත් කමක් නෑ ජාන්ට කියලා..මේකා මේ මදන කුලප්පුව ගහපු අස්වයා වගේ උදේම පැන පැන දුවන්න තියාගෙන ඕවා මතක් වෙයිද....

ජාන් දිව්වා....යියි අඩියක් තියද්දිම එයා පිටිපස්සට දිව්වා වගේම සෝෆා එක වටේට කැරකෙන්න ගත්තා...යියි එන්න හදද්දිම එයා සෝෆා එකේ අනිත් පැත්තට යනවා..යියි මෙහෙට බර වෙද්දි එයා අනිත් පැත්තට බර වෙනවා...අල්ලන සෙල්ලම් වගේ....හැබැයි ඉතින් අල්ල ගත්තොත් තමා ජාන් කන්නෙ පස්ස රත් වෙන්න කෑමක්....යියිගේ නිකටත් ඒ වැටුනු පාරට වැදිලා වගේ එතන ලේ රතු පාට වෙලා....ඒක නම් හොදටම රිදෙන්නෙ ඇති....විහිළුවක් උනත් දුර දිග ගියා නම් ඕක ඇස් රතුවෙන විහිලුවක්නේ....කියන්න බෑනේ ඔය හෙමීට වැටුනු පාර උනත් නරක තැනකට වැදුනනා නම් එහෙම....ඌ..හ්...කියද්දිත් ඇග මොකක්ද වෙලා ගියා....යියිට නම් දැන් යන්නත් ඕනකමක් නෑ වගේ...ඕනකම තියෙන්නෙ කරපු දේට පාඩමක් උගන්නන්න වගේ...මාත් ඔන්න ඔහේ ඕන දෙයක් කරගත්තදෙන් කියලා බලන් හිටියා..ජාන් නම් ගුටියක් දෙකක් කෑවට පාඩු නෑ මේ කරන මෝඩවැඩ වලට...දෙන්නම එකයි..මහම මහ මුරන්ඩු මෝඩ කොල්ලෝ..වැරැද්දක් කරලා මොනා හරි නරක දෙයක් උනොත් තමා අන්තිමට අඩාගෙන එන්නෙ හිතලා කලේ නෑ කියලා..ඇත්තමයි මට දැන් ඔය හිතලා කලේ නෑනේ කියන එක අහලම පන ගිහින් ඉන්නේ...


...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin