💕...14...💕

425 95 18
                                    


..

..

..




..යියි නිදාගන්නෙ නැද්ද...

  මං අහද්දිත් කොල්ලා කම්මුල් දෙක පුම්බන් මං දිහා බලන් ඉන්නවා..එ පාර මොනාද දන්නෙ නෑ මං දේව උදහසට ලක් වෙන්න කලේ..

..එහෙනම් ටෙඩීවත් එයාගේ කාමරේට යවන්න...

..ඒත් එයා තනියම ..

...මාත් තනියම ඉන්න බයයිනේ...

..බොරු කියන්න එපා ලමයෝඔ.

..ආ දැන් මං කියන්නෙ බොරුද..ගෙගෙට මං කිව්වොත් තමා බොරු..ටෙඩී කිව්වොත් නෑ ..දැන් ගෙගෙ මට ආදරේ නෑ..මාව වැඩකුත් නෑ..හැමෝම ආදරේ මට නෙවේ ටෙඩීට..කවුරුත් මට ආදරේ නෑ..කාටවත් මාව ඕනෙත් නෑ..

..හෝව් හෝව් ලමයෝ..තරහා ගන්න තරම් දෙයක් මං කිව්වේ නෑ...දැන් මොනාද වෙන්න ඕන...

..මාවත් ඇදට ගන්න...

.ආහ් එන්න ඉතින් ...

   මං කියද්දි පුම්බන් හිටිය මූනට එකපාරටම ලස්සන හිනාවක් ආවා..මේකගේ බොරුවනේ ඔය...කපටිකම දාලා හැමවෙලාවකම මාව අල්ලගන්නවා...ලයිට් එක නිවන්නේ නැතුව මං ඇදෙන් හාන්සි වෙද්දි කාලෙකට පස්සෙ යියි ඇවිත් බෙල්ල අස්සෙ මූන ගහන් මගෙ ඇග උඩ දිගා උනා...කොලේජ් ගියාට පස්සෙ අපිට අපිව ගොඩාක් මග ඇරිලා තියෙද්දි මං අත් දෙකෙන්ම මගෙ පොඩි එකාව තුරුලු කරගත්තා...වොශ් දාලා සූද ගහන බබාගේ කන්පෙත්තකට මං හාද්දක් තියලා බෙල්ල පිටිපස්ස අතගෑවා...මගෙ පන මේ ඉන්නේ...එයාට මොනා හරි උනොත් මං ඉදලා වැඩකුත් නෑ..පපා කවුරු උනත් මේ ඉන්නෙ මගෙ පොඩි එකා..දෙමව්පියෝ කරපු වැරදිවලට දරුවො දුක් විදින්න ඕනද..නෑනේ..මට මගෙ ජීවිතේට යියි විතරක් ඇති...මගෙ පිස්සු කොල්ලා...මං ටී එක යටින් අත දාලා පිට අත ගෑවා...පිස්සුව නෙවේ පණ්ඩිතකමත් ඕනාවට වැඩී...උනු පිටින්ම පන්ඩිතකමට නූඩ්ලස් එක කන්න ගිහින් මගෙන් පිට පුපුරන්න පාරක් කාලා ඉන්නේ..අඩනවා කියලා හුරතල් කරලා බෑ..මේකව හදාගන්න නම් දවස් දෙකකට පාරක්වත් කසාය දෙන්න ඕන...නැත්නම් මගෙ කරෙත් නැගලා ඔලුවත අතත් හෝදන තරමේ ලෝක අන්ඩයෙක් මේ ඉන්නේ...හොරා වගේ ගුලි වෙලා..මුකුත්ම කලේ නෑ වගේ...හොර පූසා...ඉන්න හැටි කම්මුල් දෙකත් පුම්බන්..හපලා හපලා දාන්න හිතෙනවා.....

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Unde poveștirile trăiesc. Descoperă acum