💕...03...💕

678 129 65
                                    

..

..

..









..ජානු බබෝ...ම්ම්..කෝ නැගිටින්නේ නැද්ද කම්මැලියෝ..අපි ඇවිත් ඉන්නේ..

   මං ඩ්‍රවිව් කරන් ආව කාර් එක නැන්දා හොයලා දුන්නා අපේ අලුත් ගේ ඉස්සරහ නතර වෙලා තියෙනකොට මං  ජාන්ට කතා කලා..පවු..එයා බෙහෙත්වල සැරටම නිදාගෙන...නිදාගෙන නෙවේ ඇහැන් ඉන්න බැරි කමට කොල්ලා කටත් බාගෙට ඇරගෙන නිදි...මං බෙල්ල හරවන්න හරවන්න වීදුරුවටම නහය ගහගන්නවා..සනීපෙට නින්ද යනවත් වගේ හෙල්ලෙන්නෙවාත් නැතුව කෙදිරි ගානවා..මං ටිකක් හරි වේගෙන් ගියා නම් කෙලින්ම නහය ඇනගන්නවා වීදුරුවේ..මෙයා නිදාගත්තේ නැත්නම් ඇවිල්ලා ගොඩක් වෙලා..කොහෙද ඉතින් නින්ද කැඩුනු ගමන් පොඩි එකා වගේ අඩන්න ගන්න නිසා මට හෙමින් තමා එන්න උනේ...අනේ ඉතින් මේකගේ තියෙන හුරතලයක්.....මුලු මූනම රෝස පාටයි..පොඩි බබෙක්ගේ වගේ..උල් කරන් ඉන්න කට කැන්ඩිවලටම තද රතු පාට වෙලා..එපා කියද්දිම වීදුරුව ඇරගෙන ආව නිසා හුලන් පාරේ සීතලටම කම්මුල් රෝස පාට වෙල..මගෙ හොස්පිටල් කැබින් එකේ තිබ්බ කුන්ෆු ෆැන්ඩගේ පුලුන් බෝනික්කව  අරන් ඇවිත් උකුල උඩ
තියන් , මං ගනී කියලා බයට වගේ අත් දෙකේ ඇගිලි එකට මිටි මොලවන් හිරකරගෙන..හිතන් ඉන්නේ මං නිදා ගත්තම හොරකම් කරයිද කියලා දන්නේ නෑ..පොඩි හොරා..මගෙන්ම අරන් දැන් මටම නොදී තියන් ඉන්නවා...

    මං එහෙම්මම ජාන්ගේ තොල් අස්සෙන් මතු වෙලා ආව ලේන් පැටියෙක්ගේ වගේ දත් දෙකට නියපොත්තෙන් තට්ටුවක් දැම්මා..කිතියට වගේ එයා ඇබරෙන ගමන් ඉස්සරහා දත්වලින් මගෙ ඇඟිල්ල අල්ල ගද්දි මං ඉක්මනටම ඒක ඇදලා ගත්තා..මේ කොල්ලා නම් තනිකර ලේන් පැටියෙක්ම තමා..අනේ මන්දා ලේනට තියෙන්නෙ පොල් දත්..ඒත් බබාලා ඉල්ලන්නේ කිරි දත්..ලේනටත් නැති කොට එයා කොහෙන් කියලා කිරි දත් ගෙනත් දෙනවද මන්දා..වෙලාවකට ඉතින් පොඩි අයගේ ඔලුවලත් විකාර තියෙනවා මේ වැඩිහිටි අපිටත් වඩා..ඒකට ඉතින් වැරැද්දක් කියන්න බෑනේ..පොඩි අය සතුටෙන් ඉන්නේ බොරුවකින් උනත් ගොඩ නැඟුණු හීන ලෝකයක් ඇතුලේ..අපිට වගේ එයාලට යතාර්තේට මුහුන දෙන්න ඕන වෙන්නෙ නෑ..ඇත්ත ලෝකේ මොනවගේද කියලා දන්නේ නැති තාක් එයාලා මවාගත්ත ලෝකේ ඇතුලේ සතුටින් ඉන්නවා..හරියට ජාන් වගේ..එයාත් මව ඉන්නේ මං එයාට පෙන්නපු ලෝකේ..ඇත්ත ලෝකේ මොනාද වෙන්නේ කියලා එයා දන්නේ නෑ..මන් කිව්වා උනත් එයාට තේරෙන්නේ නෑ...මොකද උන දේත් එක්ක එයාගේ මානසික මට්ටම තිබුනටත් වඩා පහලට වැටිලා..එයාට තාම බරපතල දේවල් දරාගන්න අමාරුයි....ලෝකේ හිතනවට වඩා දරුනුයි කියලා එයාට තේරුමක් නෑ...එයා හිතන් ඉන්නේ මන් පෙන්නන දේයි මේ ලෝකේ කියලා..හොද නැති උනත් මං පැණි රසම දීපු නිසා ජාන් තවම දන්නේ සැර දැනෙන කෑමත් මිනිස්සු අතින් හැදෙනවා කියන එක...ඉතින් හිනා වෙලා කතා කරන හැම මනුස්සයව හොදයි කියලා හිතන එයාව තනි නොකර මං ලගට ගත්තු එකට මං කවදාවත් පසුතැවෙන්නේ නෑ..එයාට ලෝකයක් හදාගන්න පුළුවන් මන් ළඟ ඉදන් නම් මං ඒ ලෝකේ එයාට හදලා දෙනවා..කිව්වත් වගේ මට කොල්ලෝ දෙන්නෙක් වැඩි නෑ...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Tempat cerita menjadi hidup. Temukan sekarang