💕...46...💕( LAST )

640 100 75
                                    

..

..

..




..ගේ..ගේ...හ්හ්......




මගෙ කොල්ලගෙ ඇස් ලොකු උනා....ඒ.ලොකු උනු ඇස් අස්සෙන් නැවතීමක් නැතුව කදුලු කැට කඩන් වැටෙනකොට මං දැක්කේ නෑ වගේ අහක බලාගත්තා....යියිට කතා කරගන්නවත් සිහියක් නෑ...එයාගේ හුස්ම පවා අතර මග හිර වෙලා....යියිගෙ අත සීරිලා යන තරමට මගෙ අතට තද වෙනවා කියන එක මට දැනෙන්න ගත්තා..මට රිදෙන තරමට එයාට ඒ කිව්ව දේ කොයිතරමට ශොක් එකක් වෙන්න ඇද්ද කියන දේ තේරුනත් මම එහෙම කිව්වෙ විහිලුවට කියන එක කියන්න ගියේ නෑ....මීට ටික වෙලාවකට කලින් කොයිතරම් අඩන්න ඇද්ද කියන එක ඒ රතු උනු මූනෙන් පේන්න තිබ්බත් මට ඕන උනා තවත් අඩවන්න..මට කියපු බොරුවල තරමටම...මට හංගපු තරමටම දෙන්නව අඩවන්න මට ඕන උනා...මගෙ රිදුනු හිත තාමත් ඒ විදිහටම පෑරිලා තියෙනකොට ඒ වෙනුවෙන් එයාව අඩවන්න මට ඕන වෙලා තිබ්බා..මං කිව්වනේ...මං කිව්වා මට හංගන තරමට මං රිටර්න් එක අනිත් පැත්තට දෙනවා කියලා කියන්න....හරි මං ඒක කිව්වෙ නෑ නම් තමා...ඒ උනාට එහෙමයි කියලා එයාලා දැනගන්න ඕන ටොයිලට් එකට ගිය වාර ගාන පවා කියනවා නම්.ඒකත් කියන්න...ඒ තරම් ලොකු දෙයක්....කොහොමද මගෙන් හංගන්නේ....සමහර විට මට සමාව දෙන්න තිබුනා ඒ දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තා විතරක් නම්...ඒත් ආදරේ කරනවා කියන එකවත් මට නොකියා දුර ගිහින් තියෙද්දි තරහකට වඩා මට දැනුනේ ලොකු දුකක්.....මාව එයාලට වැඩක් නැති නිසා මොනවත් කියන්නෙ නෑ කියන හැගිමත් එක්ක මට විස්තර කරන්න අමාරු දුකක් දැනුනා...ඕන උනාම හුරතල් වෙන්නයි එපා උනාම රහස් හංගන්නයි එයාලට හරියට මං සෙල්ලම් බඩුවක් වගේ...මගෙ හැගීම් ගැන ටිකක්වත් හිතන්නෙ නෑ...ඔහෙ අඩපුදෙන්....පැයක් නෙවේ පැය දෙකක් හරි දෙන්නම එකට වෙලිලා ඇඩුවත් මට කමක් නෑ....


..ගේ..ගේ...හ්හ්...ඔයා...හ්හ්....

..ප්..පො..රො..න්දු ව්වෙ..න්න පැ..ටියෝ....

ඒ තරම් අමාරුවක් නැති උනත් මං ඕනාවට වඩා කෙදිරි ගෑවා...කියපු දේට වඩා මන් ගැන බය හිතෙන තරමට ඇස් දෙකත් බාගෙට පියාගෙන මං කෙදිරි ගෑවා..කතා කරන්න බෑ වගේ හුස්ම අල්ලන්න ගත්තා.....

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now