💕...32...💕

310 85 27
                                    

..

.....

..




...ආ...හ්... ආ...වුහ්....


   මං මොකෙක්ද වගේ ටයිල් පොලොවෙ ඉදගෙනම කොන්දට අත තියන් දෙපැත්තට ඇබරුනා...ලිස්සිලා ගිය පාර වැදුනේ මගෙ කොන්ද වෙනකොට මං මටම හොද වැඩේ කියන ගමන් නැගිටින්න දැගලුවා...ඒ..ත් මොනා කරන්නද..මේවා කරුම ජීවිත...බිම හැළුණු තෙල් ටික පෑගිලා මාව මුනින් අතටම වැටුනා ...



...ශිශි ..මොකක්ද ඒ සද්දෙ...ඔයා හොදින්ද....



   කිචන් එක පැත්තට එන ජාන්ගේ සද්දෙ ඇහුනත් මං නැගිටගන්න  බැරිව බිම වාඩි වෙලා හිටියා....ඒ වැදුනු පාරට දහ දෙනෙක්ගෙන් ගුටි කෑවා වගේ කොන්දයි බඩයි ගොඩාක් රිදෙන්න ගත්තා.....

..අනේ මේ මොකද උනේ ශිශි..

..ආ..හ්...අර තෙල් එක...

..පරිස්සමට වැඩ කරන්නකෝ අනේ..කෝ එන්න මං නැගිට්ටවන්නම්...

   ජාන් මගෙ අතෙන් අදිද්දි මං මේ පාර නම් වැටෙන්නෙ නැතුව පරිස්සමට නැගිට්ටා.....ඇගම ඇබරිලා ගියාද මන්දා ඒ වැටුනු පාරට...ම්හුක්....මේ දෙන්නව එකතු කරන්න කියලා ගිගින් අන්තිමට මේ හැමදේම කරන මටම දුක් විදින්න වෙනවා....




...ගේ...ගේ....හ්.....



  ආර්හ්...අඩුපාඩුව...මං ඔලුව උස්සලා බැලුවා...මේ තරන් වෙලා  නිදාගෙන හිටිය කොල්ලා මගෙ සද්දෙටද කොහෙදො ඇහැරිලා කිචන් එක පැත්තට ආවා....හැබැයි ඒ බැල්ම නම් ඒ තරම් හොද නෑ...ජාන් එනකොට නැගිට්ටවන්න කිව්ව එක කලෙ නැති එකට ඒ මූන තරහටම  රතු වෙලා තියෙද්දි මං දැක්කෙ නෑ වගේ අහක බලාගත්තා ..මේ තරම් වෙලා හොරා වගේ කෙල ගාපු ජානුත් අහින්සකයෙක් වගේ යියිගෙන්  හැංගෙන්න ඔලුව පාත් කරන් හිටියා.....


..ගේ..ගේ...මං කිව්වා නේ..ද...

..ආ..හරි...පොඩ්ඩක් ඉන්න ලමයෝ කෑ ගහන්නෙ නැතුව...මොකද බඩගිනීද...



  මං අහද්දි යියි ජාන් දිහාම බලන් හිටියා...

.. බඩගිනීද..

   තාමත් මූන හංගගන්න හදන ජාන් දිහා බලන් යියි ඇහිපිය නොගහා බලන් ඉන්නවා....ඒ බැල්මම  නොකියා හිතේ තියෙන දේ කියනකොට මං කොන්දටත් අතක් තියන් ජාන් දිහාට හැරුනා...

...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now