💕...06...💕

487 105 25
                                    



..

..

..


..ම්හුක්...









      උදේ පාන්දරම පපුවට දැනුනු බර අඩු වෙලා ගිහින් කියලා දැනෙනකොට මං ඇදේ එක පැත්තක් අත ගාන ගමන්ම ඇස් දෙක ඇරියා..ජනෙල් තිර අස්සෙන් ආව ඉර එළියෙන් ඇස් දෙක ඇරගන්න ටිකක් අමාරු උනත් දෙතුන් පාරක් ඇහි පිය ගහලා මං බෙල්ල හරවලා බැලුවා..මගෙ පපුව හිස් වෙලා තිබ්බත් උදේ පාන්දර ම දැකපු දේත් එක්ක මගෙ මූනට නිකන්ම හිනාවක් ආවා...ඉන්නේ කොහෙද කොතනද කියලාවත් දන්නේ නැතුව ඒ දෙන්නා නිදි..නිකම් නෙවේ දකින ඕන කෙනෙක්ගේ මූනට හිනාවක් එන විදිහට ...යීයී හිටියේ මුනින් අතට හැරිලා ඇද බදාගෙන..එතකොට ජාන්..එයා ඇද කියලා හිතන් යීයීගේ ඇග උඩ ගෙඹි පැටියෙක් වගේ පිට බදාගෙන නිදි..ඇග උඩ බරක් තියෙනවා කියලා යීයීට ගානක්වත් නෑ වගේ..රෝස පාට තොල් දෙක උල් කරගෙන යාන්තමට ගොරවන ගමන් එයා සනීපෙට නිදි...දැනෙන්නෙ නැද්ද දන්නේ නෑ පොඩි දොස්තර මහත්තයට ඇග උඩ බරක් තියෙනවා කියලා..ඒ තරමට නින්ද..මං.හිතන්නේ එලි වෙනකම්ම උන බලලා මහන්සි වගේ...ඔහොම තමා ඉතින් වැරැද්දක් කලාම පසුතැවිලා හරි වැරැද්ද හදාගන්න වෙනවා...එතකොට ජාන්..ඒ අනිත් එක...අපූරුවට මෙට්ටෙයි කොට්ටයි තියන් හැරෙන්නවත් ඉඩක් නැති පිටක් උඩ නැගන්...යීයීගේ පිටේ තනිකර කටු..කටු කියන්නේ කෙට්ටු නිසාම හැරුනත් රිදෙන්න ඕන..ඒත් මැහුම් කඩාගෙන ඉකි ගගහා ඇඩුව කොල්ලා ඒ මුකුත් ගානක් නෑ වගේ අස්සෙම රිංගන්න එනවා..ගුටි කාගෙන අඩාගෙන හරි යීයී අස්සටම රිංගනවා...මට තාම හිතාගන්න බෑ මට තුරුලු වෙලා නිදා ගත්ත කොල්ලො දෙන්නා කොහොමද එකපාරටම මෙහෙම වෙලීගෙන නිදාගත්තේ කියලා..නින්දෙන්ම මගෙඇග උඩින් පෙරලිලා ගිහින්ද ..නැත්නම් දැන දැනම මෙයාලා තුරුලු වෙලාද නිදාගත්තේ...




    උත්තරයක් හොයාගන්න බැරි වෙනකොට ඒකට මහන්සිවත් නොවී මං ජාන්ගේ නලලට අත තිබ්බා..උන නෑ..ඒත් නෑ කියලා කියන්න ඕන නෑ...තව ටිකක් අවුස්සලා යියීව බය කරලා අසනීපයක් නෑ කියලා කියන්න ඕන...මං ඇදේ ඉදගෙනම ඒ දෙන්නා දිහාට පාත් උනා...ජාන්ගේ කෙල ලෝඩ් එකක් යීයීගේ බෙල්ලේ ඉදන් වෙද්දි මං ඇහැරෙන්නේ නැති වෙන්න එයාව ඇද්‍රෙ අනිත් පැත්තට පෙරලුවා...යීයීගෙන් ඈත් උනාට පස්සෙ එයා කෙදිරි ගාගෙනම උනත් මුනින් අතට හැරිලා කුන්ෆු පැන්ඩව බදා ගත්තා..ආ..හ්..මොකක් කිව්වා කුන්ෆු පැන්ඩා??..මං නිදා ගද්දි එහෙම එකක් තිබ්බේ නෑනේ..කොහෙන්ද මේක මෙතනට ආවේ..ඒක යීයී විසි කරානේ..ආ..හ්..මට කියන්න එපා මේ කොල්ලා පැන්ඩව උස්සන් ආවා කියලා නම්...


...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now