💕...35...💕

312 96 28
                                    


..

..

..









   නවත්තන්න ඕනකමක් නැති උනු කදුලු බින්දුවක් එයාගේ ඇහිපිය අස්සට වැටිලා කම්මුලක් දිගේ ගලන් ගියා.....ඒ එක්කම ඒ බෝල ඇස්වලින් කඩාගෙන වැටුනු කදුලු කැටයක් එයාටත් හොරෙන් ගලන් ගිහින් කමිසෙ ඇතුලේ අතුරුදහන් වෙලා ගියා....මගෙ ඇස් තාමත් නතර වෙලා තිබ්බේ අඩ අදුරට කදුලුවලට දිලිසුනු ඒ ඇස් අස්සේ..මං ඇහුවා...හිතේ තිබ්බ දේවල්...අවුරුදු ගානක් හිතේ හිර  කරන් අහන්න  බැරි උනු දේවල් ..මහ රෑත් කොට්ටයක් බදාගෙන අඩන ගමං හීනෙන් පවා එයාගෙන් ඇහුව දේවල්...එකක් කියලද...නෑ මට ඊට වඩා අහන්න දේවල් තිබ්බා...හිත වේදනාවෙන් බර වෙන වෙලාවට මන්ම කෑ ගහලා මගෙන් අහපු ප්‍රශ්න ඊට වඩා තිබුනා...ඒ...ත් එක තප්පරේකට උඩට මතුවෙලා ආව ඒ වේදනාවම මාව නිරුත්තර කරනකොට තවත් අහනවට වඩා ඇහුව ඒවට උත්තර දැන ගන්න ඕනකමින් මං බලන් හිටියා...විනාඩියක් දෙකක්...නැත්නම් ඇදම තෙමන තරමට කදුලු පෝලිමක්...ඒ වගේම අදහස හිතාගන්න බැරි බර හුස්මවල් ගොඩක්......බලන් ඉදලම මහන්සියට උගුරෙන් පහලට ගිය කෙල ගුලි ගානක්...ඒත් නෑ...එයා තාමත් ලෑස්ති නෑ....නැත්නම් මාව විස්වාස නෑ.....මොහෙතෙන් මොහොතට ඇහුවත් එයාට මට දෙන්න උත්තරයක් නෑ බලන් ඉන්නවා හැර.....



..තාමත් ඔයා එහෙමද ජාන්...ම්ම්...මාව විස්වාස නැද්ද....

වේගෙන් ඇහිපිය ගහනවා...

..මාව පිලිගන්න කැමති නැද්ද...ඔයාට තාමත් මාව එපාද....මගෙන් ඔයාට ඇත්තටම වැඩක් නැද්ද....


  උත්තරයක් නෑ....කටහඩ බිදිලා ගියා උනත් මං ඇඩුවෙ නෑ..මොකද ඇස් දියවෙන තරමට එයා මාව අඩවලා තියෙද්දි ඒ එක්කම කදුලු පවා හිදිලා ගිහින් තිබ්බා....හේතුවක් ඇති..මං නෑ කියන්නෙ නෑ....ඒත් ඒක මට කියන්න බැරිද එයාට..මං තාමත් එයාට පිට කෙනෙක්ද...හිතේ හිර කරන් විදවන්න වෙන තරමට ඒ දේ ලොකුද.......

   මං හුස්මක් පාත දාලා ඇගට බර නොදී එයාගේ ඇග උඩින් යාන්තමට බර දැම්මා......ඒ ඇස් මගෙන් හැංගෙන්න හදන වාරයක් පාසාම මං අත් දෙක දෙපැත්තෙන් තියලා ඒ මූන මගෙ පැත්තට හරව ගත්තා.....ඒ තොල් වෙව්ලනවා..වචනයක්වත් කියාගන්න බැරිව අඩන්න ලන් වෙලා වගේ එයාගේ රතු පාට තොල් වෙව්ලනවා.....ආයෙමත් හුස්මක් හෙලපු මං එයා දිහා තරහෙන් වෙනුවට ආදරෙන් බලන ගමන් දාඩියට පෙගුනු කොන්ඩෙ අස්සෙන් ඇගිලි යැවුවා.....



...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Onde histórias criam vida. Descubra agora