💕...28...💕

310 90 29
                                    


..

..

..





    කලබලකාරිව එහෙටයි මෙහෙටයි දුවන නාදුන්න මිනිස්සු අස්සෙ මං ඇස් කරකවන ගමන් එක රූපයක් හොයන්න පටන් ගත්තා.... ඕඩර් එක අරන් යන වේටර්ස්ලා නිසා ටිකක් විතර මග ඇහිරුනත් ඒ හැම තප්පරේකම මං බෙල්ල දෙපැත්තට හරවන ගමන් ඇගිලිතුඩුවලින් ඉස්සිලා ඒ රූපේ හෙව්වා.....එයා ඉන්නවා...මගෙ පොඩි එකා කාගෙදෝ මන්දා කේක් එකක් අයිසින් කරනවා...කවුරු කලබෙලෙන් දිව්වා උනත් එයා එයාගේ පාඩුවේ සම්පූර්ණ අවදානයම කේක් එකට දීලා...ලා කහ පාට යුනිෆෝර්ම් එකට ඇදපු සුදු පාට ඒප්‍රන් එක ජාන්ට තවත් ලස්සනක් එකතු කරලා දීලා තියෙද්දි මට හීනියට හිනාවක් ගියා...එයාගේ අත් දෙක වේගෙන් වැඩ කරනවා..හරියට මං ගාවට එන්න කලින් කාලේ වගේම...එතකොටත් එයා කලේ කොලේජ් පීස් හොයාගන්න කේක් ඩිසයින් කරපු එක...පල්ලියේ මදර්ස්ලා නිසා එයා තවත් කෑම ජාති ගොඩාක් හදන්න ඉගෙනගෙන හිටියත් හොදටම කරන්න පුළුවන් උනේ කේක් හදන එක...එයා ඕනාවට වඩා මහන්සි වෙන නිසාම මං ගාවට බෙහෙත් ගන්න ඇවිල්ලත් කලේ මං හරි හොදයි කියලා මට එක එක් විදිහේ කෑම ජාති හදල දුන්නු එක...නැත්නම් මගෙ ලන්ච් බොක්ස් එක අරන් තියෙන කෑම අනිත් පැත්ත ගහලා වෙනම කෑම එකක් හැදුව එක....මං මුලින්ම හිතුවේ බෙහෙත්වල වියදම් පියවන්න එහෙම කලා කියලා උනත් පස්සෙ එයා නිදහස් වෙලාවට එහෙම නැත්නම් පාඩම් මොනා හරි හොයාගන්න මං ලගට ආවා..ජාන්ගේ සමහර ගතිගුන මට යියිව මතක් කරද්දි කිසිම අකමැත්තක් නැතුව ඕනම වෙලාවක මං ජාන්ව මගෙ කැබින් එකට ගෙන්න ගත්තා...එකපාරටම හිතුවෙවත් නැති විදිහට අසනීප වෙලාව ඒ දේවල් , ඒ හැකියාව එයාට අමතක වෙලා ගිහින් තිබුනත් ආයෙමත් කලින් වගේ උනු එකට මට සතුටක් දැනුනා  ...එයා කාගෙන්වත් යැපෙන්න ඕන කෙනෙක් නෙවේ...අවුරුදු දාහතක්ම තනියම එයාගේ මහන්සියෙන් ජිවත් උනා වගේම ඉතුරු කාලෙත් එයා ජීවත් වෙන්න ඕන එයාගේ මහන්සියෙන්මයි...කාගෙන්වත් පිළිසරණක් ඉල්ලන්න ඕන නොවෙන තරමට එයා වෙනුවෙන් එයාම මහන්සි වෙන්න ඕන...

   ඒත් ඔය තරම් නෙවෙ...කලින් මදර්ස්ලගෙ උදවු ඇතිව කෑම හදන දේවල් කලත් කවදාවත් ජාන්ගේ අත් තුවාල වෙලා තිබ්බෙ නෑ....මොකද එයා ඒක කලේ අමතර මුදලක් හොයාගන්න මිස ජොබ් එකක් විදිහට නෙවෙ...ඒත් දැන් ඒක වෙනස් වෙලා...වෙනස් වෙලා කියන්නෙ ජිවත් වෙන්න ඕන නිසාම එයාගේ හැකියාව එයා පාවිච්චි කරනවා..මට හිතාගන්න බෑ කිසිම කෙනෙක්ට නොදැනෙන්න ඔසීවලින් චයිනා ඇවිත් මෙහෙම ජොබ් එකකට බැදුනේ කොහොමද කියන්න...ඒකත් කොලේජ් යන ගමන්...සමහරවිට එහෙදි ගෙදරට ගෙන්නලා මොනාම හරි එයාට උගන්නන්න ඇති...එහෙම නැත්නම් කිසිම සුදුසුකමක් නැතුව එයා කැම්පස් යනවා කියන එක මට හිතාගන්න බෑ..අනිවාර්යයෙන් ම එයාට උදවු කරන්න කවුරු හරි ඇති....ගාඩ්ලගෙන් පැනලා ඇවිත්, ඔසීවලින් ඇවිත් ජොබ් එක කෙසේ වෙතත් කැම්පස් එකට ඇප්ලයි කරන්න තරම් එයාට උදවු කරන කවුරුම හරි ඉන්න ඕන...ඒත් ඒව හොයලා වැඩක් නෑ දැන්..මට ඕන එයා කොහොමහරි හොදින් ඉන්නවා බලන්නයි....







...💕IS IT LOVE 💕...( Yizhan Completed  ff)Where stories live. Discover now