° - ° Page 57 ° - °

1K 257 30
                                    


ජේකේ ටෙන්ට් එක ගහලා ඉවර වෙනකන් ජිමින් බිම ඉඳන් දෙපැත්තට පැද්දුනා..ජිමින් ජේකේට මොන තරම් උදව් කරන්න හැදුවත් ජේකේ ඒකෙන් ගැස්සෙනවා.ජිමින් මිටියක් ගත්තොත් ජේකේ ඒකෙන් ඇස් අහකට ගන්නෙ නෑ..ජිමින් අඩියක් ඈතට ගියොත් ජේකේ එයාව හොයාන එනවා..

ඉතිං ජිමින් බිම තණ කොළ උඩ ඉඳන් දෙපැත්තට පැද්දෙන ගමන් සිංදු කිව්වා..යුන්ගිලා ජිමින් පටවපු බඩු එතනින් බාලා තව කන්ද මුදුනට ගියෙ ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දීලා..

රෑ වෙද්දි ජේකේ ලොකු ගිනි ගොඩක් ගහලා ජිමින්ව ඇදලා ලඟට ගත්තා..රෑ වෙද්දි කඳු මුදුන සීතලයි..

දෙන්නටම දාඩිය දාලා හොඳටම.මැප් විදියට ඒ ළඟම චූටි වතුර පාරක් තියනවා වුනත් මේ සීතලේ ජිමින්ට කොහොමටවත් වොෂ් දාන්න ඕනි වුනේ නෑ...

ඒත් ජේකේ ජිමින්ව අරන්ම එතනට ගියේ ජිමින් සීතලයි කියලා කෑ ගහද්දි...

"ඒම බෑනෙ මැණික..හොඳටම දාඩියයි..මගේ ඒන්ජල්ව සීතලේ තියන් නෑ බය වෙන්න එපා.."

එතන ලස්සන පරිසරයක්‍.හඳ එළිය පොකුණට වැටිලා කිසි විදිහක කළුවරක් නැහැ..වටේම පියාඹන චූටි කළාමැදිරියොන්ගෙ එළියත් එක්ක මිශ්‍ර වෙලා පරිසරයම තද නිල් දම් පාටක් හැරිලා..

ජේකේ ඉස්සෙල්ලම බැහැලා ගැඹුරු නැති ගලක් හොයාන ජිමින්ට එයා ළඟට එන්න අත දික් කලා..එයා ජේකේගෙ අත පරිස්සමට අල්ලන් එයා ගාවට ආවම ජේකේ එයාව උස්සලා ගල් උඩින් වාඩි කෙරෙව්වා...

"ජේකේහ්......අනේ සීතයි..."

ජිම්න් තොල් උල් කරලා හුරතල් විදියට කිව්වෙ බේරෙන්න බලන්න..ඒත් ජේකේ හිනා වෙවී එයාගෙ ඇඳුම් වැඩිය තෙමෙන් නැති වෙන්න වතුරෙන් සේදුවෙ පුංචි දරුවෙක්ව නාවනවා වගේ..එයා ජිමින්ගෙ ඇඳුම් අයින් කරවලා ලොකු ලොම් කබායක් අන්දලා උස්සන් ගිහින් ගොඩින් තියලා එයත් වොෂ් දා ගත්තා..

ජිමින් ජේකේ එනකන් එයා ළඟින්ම පියාඹන කණාමැදිරියෝ අල්ල ගන්න උඩ පැන්නා..ජේකේ මොන දේ කලත් ජිමින්ගෙන් ඇස් අහකට ගත්තෙ නෑ....ජේකේ දන්නවා ඒ එයාගෙ ජීවිතේ කියලා..ඒ එයාගෙ හැමදේම...

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now