° Page 36 ° - ° PJM

879 280 40
                                    


song recommendation -

Faded - Alan Walker


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

කුමරියගෙ දිග අකීකරු කෙස් පිට මැද කඩා හැලුනා.එයා රෝස වතුරෙන් නාලා හිටියෙ..එයා පඩිපෙළ දිගේ පහළට දුවන් ගියෙ රාක්‍ෂයාව හොයාන....

"ඇඩම්...? ඇඩම් ඔබ කොහෙද...?"

පුංචි කුමාරි මාලිගය පුරා බිත්ති දිගේ ඇඟිලි ගෙනියන ගමන් එයාගෙ රාක්‍ෂයාව හෙව්වා..

රාක්‍ෂයා කොහෙවත්ම හිටියෙ නෑ..

ඒත් එක පාරට රාක්‍ෂයා ප්‍රධාන දොරෙන් මතු වුනේ කුමරිය ගැස්සිලා යද්දි...

' ලේ...!! '

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින් රෑ මැද්දෙ ඇහැරුනේ එයාගෙ උණුසුම නැති වෙලා කියලා තේරෙද්දි..ජිමින් ඇඳ පුරාම අත යැව්වත් ජේකේ එයා ළඟ හිටියෙ නෑ..

"ජේකේ....ඔයා ඉන්නවද...?"

ජිමින් තාමත් නිදිමතේ හිටිය නිසා ඇස් පොඩි කරලා ඇඳේ ඉඳන් හෙමින් කතා කලා..

ඒත් ජේකේගෙන් සද්දයක් නෑ..ජිමින් දන්නවා ජේකේ ඉන්නවා නම් ගැඹුරෙ නින්දෙ හිටියත් තමන්ගෙ හීනි කටහඬට ඇහැරෙනවා කියලා..

ඒ කියන්නෙ ජේකේ එයා ළඟ නෑ...

ජිමින් ජේකේ එයාට නිදියන්න කලින් දාපු නිල්පාට දිග මේස් පිටින් ඇඳෙන් බැස්සෙ ජේකේගෙ ලොකු ෂර්ට් එකෙන් මයි.

ජිමින් අඳුරේ ගිලුන මැන්ශන් එකේ ලිවින් රූම් එකට යද්දි යන්තම් හඳේ ලා නිල් එළිය ලොකු ප්‍රංශ ජනේල වලින් ඇතුළට ගලාන ආවා..

"ජේකේ...ඔයා කෝද ඉන්නෙ...?"

ජිමින් වීදුරු ටයිල් මත හෙමින් අඩිය තියලා කිචන් එකට යන ගමන් කට උල් කරලා ජේකේට කතා කලා..

"ජේකේ...?"

ජිමින් කතා කර කර මැන්ශන් එක පුරා ඇවිද්දා...

ඒත් ටිකකින් මේන් ඩ්‍රෝ එක ඇරුනෙ අපැහැදිලි ඡායාවක් ජිමින් දිහාට එද්දි...ජිමින් හෙළවුනේවත් නැති නිසා එයා ජිමින්ව දැක්කෙ නෑ...ජිමින් එක පාරටම එයා ළඟම තිබුන ස්වීච් ඔන් කලේ මුළු ලිවින් රූම් එකම එළිය වෙන්න...

"ජ්..ජේ..කේ.....!"

ජිමින් ඇස් ලොකු කරන් පස්සට අඩියක් තිබ්බෙ, එයාගෙ චූටි අත් කෑ ගැස්සෙයි කියලා බයට කටට තද වෙද්දි...

"ජිමින්..ඔයා...ඇ..ඇයි......?"

ජේකේ එයාගෙ කළු පාට ඇස් වලින් ජිමින් දිහා බය වෙලා බලන් හිටියා..එයාගෙ දෙතොල් වෙව්ළුවා වගේම මුළු ඇඟම පණ නැහැ වගේ දැනුනෙ.ජේකේ හිතුවෙ ජිමින් ඇහැරෙන්න කලින් ගෝඩ් ෆාදර්ස්ලාගෙ මාෆියා මීට්න් එකට ගිහින් එන්න පුළුවන් වෙයි කියලා..

ඒත් එයා දන්නෙ නෑ ජිමින්ට දැන් එයාගෙ උණුසුම, තුරුළ, සුවඳ නැතුව නින්ද යන්නෙ නෑ කියලා..

ජිමින් දැක්කා ජේකේගෙ මූණෙ කම්මුල් වල වගේම Golden Masquerade එක පුරා ලේ බිංදු විසිවෙලා තියෙනවා......

කාගෙ හරි ලේ...!

ජිමින් රාක්‍ෂයෙක්ගෙ මුහුණෙ රෝස පෙති රැඳිලා තියනවා දකින්න බලාපොරොත්තු වුනාද......

ලේ නැතුව...?


●●●

කලින් එක දිගයි නේද...⚘

දන්නවද හේතුව....?🥰

ඔයාලගෙ comments මාව සන්සුන් කරනවා.🥺❤
මාව සතුටු කරනවා..🥺❤
ඒ ලස්සන වචන නිසා මං හිනා වෙනවා..🥺❤

මට ඕනි ස්තුති කරන්න...🥰

ගොඩක් ස්තුතියි හැමෝටම...

මාත් එක්ක ඉන්නවට...
🥺❤

තව ඔයාලා දන්නවද දෙයක්? මං කලින් chapter එකට views 100 ක් ආව ගමන් ඊළඟ එක දෙනවා..🥰

❤⚘

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now