° Page 17 ° - ° PJM

966 308 18
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"බියුටි අවදිවෙන්න...බියුටි අවදිවෙන්න මගෙ පුංචි කුමාරි....ඇස් අරින්න.මට බය හිතෙනවා..අවදිවෙන්න...භෝජන ලෑස්තියි..."

තද නින්දෙ හිටිය කුමාරිකාව ගැස්සී ඇස් ඇරියත් ඒ වෙද්දිත් කතා කරපු කෙනා පේන්න හිටියෙ නෑ..එයා ඉන්නෙ රාක්‍ෂයගෙ මාලිගාවෙ කියලා මතක් කර ගන්න එයා වෙලාව ගත්තා.

එයා හෙමින් ලැස්ති වෙලා විසිත්ත කාමරයට එද්දි රසවත් කෑම වල සුවඳ දැනුනාම එයා ඒ පස්සෙන් ඇදිලා ගියා..මොන පුදුමයක් ද....?

දිග මේසය පුරා කෑම රාශියක්..!

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින් හිටියෙ ලස්සන හීනෙක..කවුරු හරි උණුසුම් කෙනෙක් එයාව තුරළට ගත්තා.කවදාවත්ම නැති තරම් ආදර , ආරක්‍ෂිත හැඟීමකින් එයා නිදා ගත්තා..

ඒත් ටිකකින් ඒක නොදැනෙද්දි ජිමින් ඇහැරුනා.එයා ඇස් පොඩි කරලා වටේම බලලා එයා ඉන්න තැන අඳුර ගත්තාම එයාට අප්පාව මතක් වුනා.එයා බාත්රූම් එකට ගියෙ ඇඟට මේ වෙලාවෙ ෆ්රෙෂ් එකක් ඕනි නිසා වගේම අප්පා මතක් වුන දුක දිය කරන්න..

ජිමින් සැහෙන වෙලාවක් වතුර යට බාත් ටැබ් එකේ හුස්ම ගන්න එක අමතක කරලා හිටියා..ඒත් ඒ එක්කම එයාට ජේකේගෙ මාස්ක් එක මූණ ඉස්සරහ මැවුනා...

එයාට දෙයක් මතක් වුනා....

"ඒන්ජල් ඔයා ඇස් පියන් ඉද්දි මට බයයි...ඇස් අරින්නකෝ...මං වෙනුවෙන් ඇස් අරින්නකො....පාළුයි මට...එන්න මැණික නැගිටින්න....."

ජිමින් ඉක්මනට ඔළුව වතුරෙන් උඩට ගත්තා..

කොයි වෙලේ ද ජේකේ එහෙම එකක් කිවුවෙ..? සමහරවිට ඒක මගෙ හිතේ මැවුන මායාවක්ද...? නැත්තම් ජේකේට ඇත්තටම මං නැතුව පාළුද..?

ජිමින් හිත හිතම ඇඳුම් ඇඳගෙන ඊළඟට සද්ද ඇහෙන් නැතිවෙන්න දිග මේස් දෙකක් දාන් කාමරෙන් එලියට බෙල්ල දාලා වටේම බැලුවා..ඊළඟට හොර වැඩකට කුරුමානම් අල්ලන පූසෙක් වගේ ඩයිනින් රූම් එක කියලා හිතෙන එකට ගියෙ ඇඟිලි තුඩු වලින්..

ජිමින් ගොඩක් බඩගින්නෙ හිටියෙ.එයා ඇස් ලොකු කරන් ඩයිනින් ටේබල් එක දිහා බලන් ඉඳලා චොකලට් සිරප් දාපු ලොකු කප් කේක් එකක් අත් දෙකින්ම බදාන කන්න ගත්තෙ තවත් ඉවසන්න බැරි නිසා..

මේ සේරම දිහා කෙනෙක් හිනාවක් මූණෙ තියන් බලන් හිටියා...

ජිමින් නොදන්නවා වුනාට....

රාක්‍ෂයාට ලස්සන හිනාවක් තිබුනා....නෑ........තිබුන් නෑ....

ජිමින් තමයි....ඒ හිනාව ඩිසයින් කලේ...

●●●

_____________________________

ලබන ආත්මෙද දෙයියනේ මං මේක ලියලා ඉවර කරන්නෙ..?

😐💔

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now