° Page 50 ° - ° Author

908 272 135
                                    


හායි..ම්ම්ම්...❤🤫

මේක කියවන්න ම වෙනවා කතාව තේරෙන්න නම්..😇

හරි..ඔයාලා මේ වෙද්දි හිතා ගන්න අමාරු ඇති වෙන්නෙ මොකක්ද කියලා..එහෙමනේ? 🙃

ටේ , යුන්ගි , මිස්ටර් පාර්ක් මොකක්ද මේ කරපු සෙල්ලම..? ඇයි හැමදේම ජිමින් වෙනුවෙන් කියලා කියන්නෙ..? මොකද්ද එයාලා බලාපොරොත්තු වුනේ...?

හරී එකින් එක බලමු..

■ මොකක්ද ජිමින්ට තියන ප්‍රශ්නේ...?

ඔයාලා අහලා තියනවද 'Schizophrenia' ? මේක psychological problem එකක්..සිංහලෙන් මේකට 'භින්නෝන්මාදය' කියලා කියනවා..

ස්කිට්සො‍ෆ්‍රීනියා කියන්නෙ කෙනෙක්ගේ හැසිරීම, සිතීමේ රටාව වෙනස් කරන ලෙඩක්. ඒ කිව්වෙ යම් දෙයක් හරියටම තේරුම් ගන්නෙ නැති බරපතල මානසික රෝගයක්.එයාලා දේවල් මවා ගන්නවා සරලවම කිව්වොත්...

මේක කියවද්දි ඔයාලා දැක්කා Beauty and the beast ඇත්ත කතාව ඒ කියන්නෙ කුමරියයි රාක්‍ෂයායි ඉන්න එක jikook කතාවට උඩින් ගියා..

ඔයාලා හොඳට කියෙව්වා නම් ඒකෙ හැංගුන දේවල් තිබුනා..හැම එකකම PJM කියලා යටින් සයින් කරලා තිබුනා..මොකද ජිමින් තමයි ඒක දිගටම ලියන් යන්නේ.

ඒ වගේම ඒ කතාවෙ බියුටි , බීස්ට් කරපු දේවල්..එයාලාට වුන දේවල් යම් තරමකින් සමානව ජිමින්ගෙ ලෝකෙ වුනා.සහ ජිමින් ඒ විදියට කලා..

කතාවෙ Intro එකට ඔයාලා ආයෙ ගිහින් බැලුවොත් කතාව පටන් ගන්නෙ...

ජීවිතේ කියන්නෙ සුරංගනා කතාවක්...... !

මං....

Park Jimin....

කියලා.ඇත්තටම එයා ඕනිවටත් වඩා ඒක ඇතුලේ ජීවත් වුනා..

ඒක සාමාන්‍යයි මේ ලෙඩේදි..මේ ලෙඩේ තියන අයගෙ රෝග ලක්ෂණ කිව්වොත් කවුරුහරි තමන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරනවා කියලා එයාලා විශ්වාස කරනවා.එයාලා දකින්නෙ හිතන්නෙ වැරදියට.

ජිමින් ටේ, යුන්ගි දෙන්නාව දැක්කෙත් එහෙමයි..එයාලා ජිමින්ට ඩොක්ටර් කෙනෙක් හොයද්දි ජිමින් හිතුවෙ වැරදියට.එයාව psychologist කෙනෙක් ගාවට එක්ක යන එක එයා දැක්කෙ පිස්සුවක් විදියට..හැමවෙලේම ජිමින් එයාලාව අවිශ්වාස කලා..( page 02 )

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now