° Page 41 ° - ° PJM

857 265 37
                                    


song recommendation -


SLANDER - I'm sorry..don't leave me..
( Love is gone )

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

රාක්‍ෂයා අතින් පුංචි කුමරිය අතෑරෙන්න ගියත් එයා ආයෙ කුමරියව තදින් අල්ල ගත්තා..

රාක්‍ෂයා බිඳුන හදවතින් ඇය දිහා බැලුවෙ..

"කු..කුමරි..ය කියන්න මොකද්ද...කිව්වෙ..?"

"මට යන්න දෙන්න ඇඩම්..කරුණාකරලා...මං..මං....ආයෙ එන්නම්..."

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින්ට දැනුනා ජේකේගෙ හදවත ගැහෙන වේගෙ දෙගුණයකින් වැඩි වුනා කියලා.

"ජි...ජිමින්...ඇයි..මැණික..ඔයා මා...මාව දාල..............."

"ජේකේ මං ආයෙ එන්නම්......"

ජිමින් ජේකේගෙ කතාව එතනම නතර කරලා එයාගෙන් ඈත් වෙලා ඇඳෙන් බැස්සා.ජිමින්ව නවත්තන්න ජේකේ අත දික් කලත් එයාට දැනුනා එයාගෙ ඇඟේම ශක්තිය දිය වෙනවා.ඒත්....එයා නැගිට්ටා.

ජිමින් දොර අරිනවත් එක්කම ජේකේ ජිමින්ව පිටිපස්සෙන් ඉණ වටේ අත දාලා බදා ගත්තා..ජිමින්ගෙ පිට එයාගෙ පපුවට තද කර ගත්ත ජේකේ හොඳටම ඇඬන්න ගත්තෙ පාලනයක් නැතුව...

"මට සමාවෙන්න ජිමින්..අනේ ඒන්ජල් මට එක පාරක් සමාවෙන්න...මං ඇත්ත කියන්නම්..අනේ මේ රෑ මට ඔයාගෙ උණුසුම ඕනි රත්තරං..මාත් එක්ක මේ වෙලාවෙ ඉන්න..මං ඔයාට ආදරෙන් බැඳිලා...එක පාරක් මං කියන දේ අහන්න...කියන්න මාව දාලා යන්නෙ නෑ කියලා...I'm sorry..don't leave me..please angel..."

ඒත් ජිමින් එකම එක වචනයක්වත් කිව්වෙ නෑ...එයාගෙ නිල් දියමන්ති ඇස් වල කඳුළු කැට කඩාන වැටුනත් ඒක ජේකේ දැක්කෙ නෑ...ජේකේගෙ ඉකි ගගහ අඬන පපුව ජිමින්ට හොඳටම දැනුනා..

පැයක් ජිමින්ගෙ තුරුළෙ ඇඬුව ජේකේ එයාව තමන්ගෙ පැත්තට හරව ගෙන තදට බදා ගත්තෙ තව අඬන්න කඳුළු නැති වෙද්දි..

"පොරොන්දු වෙනවා...මං ආයෙත් එනවා..."

ජිමින් මිමිණුවා....

___________________________________

ජිමින් ලිවින් රූම් එකේ වීදුරු ටයිල් උඩින් හෙමින් අඩි තියද්දි මුළු රෑම අඬලා හෙම්බත් වුන ජේකේ හිස් හැඟීමකින් පිරුණ ඇස් වලින් එයා පස්සෙන් ඇවිදන් ආවා..

"ජිමින්...." ජේකේ හීනි බිඳුන කටහඬකින් මිමිණුවා..

ජිමින් ආපහු හැරුනා....ඒ ඇස් ජේකේගෙ ඇස් දිහා බලන් හිටියා..

"මාව දාලා යන්න එපා..." ජේකේගෙ සුදුමැලි වුන දෙතොල් මිමිණුවා..

ඒත් ජිමින් ආයෙ දොර දිහාට හැරුනෙ එයාගෙ කඳුළු හංගගන්න..එයා මේ කරන්නෙ වැරදි දෙයක්..ඇයි එයාට බැරි රාක්‍ෂයාව දාලා යන්න...ඇයි....?

ජිමින් දොරෙන් එලියට පියවරක් තිබ්බා..

"ජිමි..න්.." ජේකේ මිමිණුවාම ආයෙත් ජිමින් එතනම නැවතුනා..

"................"

"ජන්කුක්...." ජේකේ මුමුණලා බිම බලන් ඇස් පියා ගත්තා..එයාව එතනම බිම සීතල විදුරු පොළව උඩ කඩන් වැටුනා...

"මොක...ද්ද...?" ජිමින් ආයෙත් හැරුනෙ නෑ...එයාට ඒකට හයියක් තිබුනෙ නෑ...

"මගෙ නම...ඇත්ත නම...ජියෝන් ජන්කුක්..."

"............."

"ඇත්ත දන්නෙ ඔයා විතරයි ජිමින්...ඔයා විතරමයි...." ජේකේ බිම ඉඳන් බිඳුන කටහඬින් කිව්වෙ..එයාගෙ ඇස් තවදුරටත් දිළිසෙන් නෑ...තව දුරටත් නෑ...

"ඇත්ත නම දන්නෙද...?"

"නෑ...ඇත්ත මාව දන්න....." ජේකේ ඇස් පියන් මිමිණුවා..

".............."

"ජි...මින්..ඔයාට තියෙන්නෙ එක දවසයි මැණික...මගේ ඒන්ජල්..ඔයාට මා ගාවින් දුර ඉන්න පුළුවන් එක දවසයි රෝස මල........ඔයා ආවෙ නැතොත්.......ඔයා ආවෙ නැතොත් ඒන්ජල්......................."

ජේකේ එයාගෙ පපුවට අතක් තියා ගත්තෙ හිනාවෙන්...වේදනාව පිරුණ...ඒත් මැන්ශන් එකෙන් එළියට පියවර දෙක තුනක් තිබ්බ ජිමින් ඒක දැක්කෙ නෑ.....

"හුස්ම නැතුව හදවත ගැහෙන්නෙ කොහොමද ඒන්ජල්...."

I'm sorry, don't leave me, I want you here with me
I know that your love is gone
I can't breathe, I'm so weak, I know this isn't easy
Don't tell me that your love is gone
That your love is gone
Don't tell me that your love is gone
That your love is gone

●●●

Please recommend කරලා තියන song එක එක්ක මේක කියවන්න..
Please....❤

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now