° Page 11 ° - ° PJM

1K 311 8
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"මට තමුන්ගෙ පුංචිම කුමාරිව දෙනවා.මං තමුන්ට යන්න දෙන්නම්..

රතු ඇස් රාක්ෂයා තේරුම් ගත්තා එයාට තියන වටිනම දේ එයාගෙ පුංචි කුමාරි කියලා..ඉතිං රාක්ෂයා එයාගෙ පුංචි සුරංනාවිව ඉල්ලුවා..

පුංචි කුමාරිගෙ තාත්තා මොන තරම් බැගෑපත්ව ඉල්ලුවත් වැඩක් වුනේ නැති වෙද්දි එයා ගෙදර යන්න පිටත් වුනේ එයාගෙ පොරොන්දුව රැක්කෙ නැත්තම් රාක්‍ෂයා එයාව මරනවා කියලා දිව්රද්දි..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"මිස්ටර් පාර්ක් බොරු කරන්න එපා මට...තමුන් වුනත් කටකතා අහලා තියනවා...මං රාක්‍ෂයෙක් කියලා මිනිස්සු කියන්නෙ...තමුන් ඒ දැන දැනත් මං ලඟට ආවා.තමුන් කිසි කතාවක් නැතුව මගෙ කම්පැනි එකට ජොයින් වුනා.ඒ ඇයි....?"

ඒ කටහඬ උපහාසාත්මක කියද්දි මිස්ටර් පාර්ක්ට දහඩිය දැම්මා...එයා දන්නවා ඒ කියන්න උත්සහ කරන දේ...

එයා දන්නවා මිස්ටර් පාර්ක්ගෙ වටිනම දේ...

"මොකද ඇත්තටම තමුන්ට වටින දේ සතුටු කරන්න තමුන්ට ඕනි.තමුන් ජීවිතේ කැප කරන් මෙතනට ආවෙ ඒ කෙනාගෙ සතුට වෙනුවෙන් ඒ පොත ගන්න...."

ඒ කටහඬෙ අයිතිකාරයා කෑ ගහලා හිනා වුනේ මිස්ටර් පාර්ක්ට හදවත රිදෙනවා දැනෙද්දි..හදවත් රෝගියෙක් වුන එයාට මේ පීඩනය ගොඩක් වැඩී...එයා පපුවට අතක් තියන් හයියෙන් හුස්ම ගත්තා.

"තමුන්ට දැම්ම මැරෙන්න බෑ...මට තමුන්ගෙ වටිනම දේ දීපන්..! නැත්තම් තමුන් ඉවරයි කියලා හිතා ගන්නවා..හ්ම්..දැන් යනවා..තමුන්ගෙ පොඩිම පුතා පාර්ක් ජිමින් හෙට මේ වෙලාව වෙද්දි මං ලඟ ඉන්න ඕනි...කා එක එයි වෙලාවට ගේ ලඟට....දැන් යනවා.."

සද්දෙ නැති වෙලා සේරම නැති වෙලා ගියා...වැස්සක් වැහැලා පෑව්වා වගේ...

ඒත් තාම මිස්ටර් පාර්ක් අඬනවා...

එයාගෙ දරුවා..!

එයාගෙ පොඩිම දරුවා...!

එයාගෙ රෝස මල...!

එයාගෙ වටිනාම දේ...........

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now