° - ° Page 53 ° - °

823 258 34
                                    


ජිමින් ජේකේ කා එක නවත්තන්නත් කලින් කා එකේ දොර ඇරන් පැනලා ඉවරයි..

"දරුවො පරිස්සමෙන්..ඔයාට තාම සනීප නෑ..."

ජේකේ හිනා වෙවී කියන ගමන් කා එකෙන් බැස්සෙ උඩ පැන පැන එයාලාගෙ මැන්ශන් එකට දුවන ජිමින් දිහා බලන්..ඒත් ජිමින් එක පාරටම නැවතිලා ඇස් බෝල කරන් දිය වේගෙන යන හිම උඩ ඉඳ ගත්තා..

ජේකේ බයෙන් වගේ දුවන් ආවෙ එක පාරට ජිමින් බිම ඉඳ ගත්තෙ ඇයි කියලා හිතන ගමන්..

"ඇයි බබා..? මොකද්ද ප්‍රශ්නෙ...? "

ජේකේත් එයා ළඟන්ම එක දණහිසක් බිම තියලා ඉඳ ගෙන ජිමින්ගෙ මූණ එයාගෙ පැත්තට හරවා ගත්තා...එයාගෙ බෝල ඇස් බොඳ වෙලා දිළිසෙනවා..

"ජේකේ හිම බබා...? 🥺 "

ජේකේ එයාලා හදපු හිම බබා හිටපු තැන බලද්දි එතන තිබුනෙ දිය වෙලා යන හිම ගොඩක්..

එදා ජේකේ ජිමින් ව ඉස්සුවාම ජිමින් හිම බබාගේ බෙල්ලෙ ඔතපු රතු පාට  ස්කාෆ් එකයි , ජිමින් හපලා දුවපු හිම බබාගේ කෝටු අතුයි එතන බිම හිම බැඳිලා වැටිලා තිබුනා..හිම බබා ගොඩක් කල් ජිමින් එනකන් බලන් ඉඳලා ඒත්...එයාට ජිමින් එන්න කලින් යන්න වුනා..

ජේකේ ජිමින් දිහා බැලුවාම එයා හිම බබාගේ රතු ස්කාෆ් එක පපුවට තුරුළු කරන්..තොල් උල් කරන් බලන් ඉන්නවා..

"මැණික ජීවිතේට ශීත කාල එනවා..ඒ වගේම ශීත කාලෙන් පස්සෙ වසන්න කාලත් එනවා...ඔයාගෙ හිම බබා එයාගෙ වසන්ත කාලෙට කලින්ම ගිහින්..තේරුණාද..? "

ජේකේ ජිමින්ව තුරුළු කර ගනිද්දි ජිමින් කඳුළු පිරුණ ලොකු දිළිසෙන ඇස් වලින් ජේකේ දිහා බැලුවා..

"ඇත්තටම....?"

"ඇත්තටම......" ජේකේ ජිමින්ව තව තුරුළු කරන් එයාගෙ ඔළුවෙන් කිස් එකක් තියලා ඇස් පියා ගත්තා..එයාගෙ පණ ඒ..

ජිමින් කඳුළු පිහදාන් පුළුවන් විදියට හිම එකතු කරලා එයාව ආයෙ හදලා ස්කාෆ් එක ඔතලා එයාව හග් කලා..

"අන්‍යෝං හිම බබා...ආයෙත් එන්න...මං ආයෙ ඔයාව හපන් නෑ...."

ජේකේ ටිකක් වෙලා ජිමින්ට ඉන්න දීලා එයාව තමන්ගෙ උණුසුමට ගත්තෙ එයාව හිම සීතලට අසනීප වෙයි කියලා බයේ..

ජිමින් ජේකේගෙ තුරුළෙ ඉඳන් එයාගෙ උරහිස්සෙ ඔළුව තියාන බෙල්ල බදා ගත්තා ම ජේකේ එයාව වඩානම නැගිට්ටා...

මැන්ශන් එකේ තිබුන දේවල් ඒ වගේමයි තාමත්..ජෝන් ආදිපාදතුමා එයාලාව දැකලා බොරුවට රැව්වත් එයාගෙ තක්කාලි නහය රතු වෙලා තිබුනෙ එයා සතුටු වෙනවා කියන්න..

ලිවින් රූම් එක මැදම තාමත් තිබුන ලොකු නත්තල් ගහේ ලොකු තරුව ගොඩක් හොඳට දිළිසුනා..ජිමින් එයාලගෙ මැන්ශන් එක දිහා සතුටින් පිරුණ ඇස් අරන් ගියෙ ජේකේගෙ බෙල්ල බදානමයි..එයාගෙ රෝස පාට තොල් අතර ලස්සන හිනාවක් ඇඳිලා...

ජේකේට තේරුනා එයාගෙ ඒන්ජල් ඉන්නෙ ගොඩක් සතුටින් කියලා..එයා ජිමින් එක්කම ලිවින් රූම් එකේ හයියෙන් කැරකෙද්දි එදා වගේම මුළු මැන්ශන් එකේ ම එයාලගෙ හිනාව රැව් දුන්නා...

"ජේකේ..අනේහ්..මට කැරකිල්ල වගේ..ඇති..ජේ..කේ..." ජිමින් හයියෙන් හිනා වෙවී ජේකේ බෙල්ලෙ මූණ හංග ගත්තා..ජේකේ නැවතිලා ජිමින් දිහා බලන් හිනා වුනා..

"ජේකේ...?"

"ම්ම්ම්ම්....?"

"දොයිමතයි...."





ජීවිතේට ශීත කාල එනවා..ඒ වගේම වසන්ත කාලත්..ශීත කාලේ පහු කලොත් විතරයි වසන්තය ලබන්නෙ....

●●●

There are only 6 parts left

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

There are only 6 parts left.

🤗❤

The story ends today.

🤏😎

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now