° Page 39 ° - ° PJM

859 279 14
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

කුමරිය එයාගෙ වීදුරු සපත්තු ගලවලා දණහිසට දිග දුහුල් මේස් වලින්ම සුදු රෝස වැටිය හරහා යන්න හිතුවා.එයා දන්න රාක්ෂයා එයාව සීරෙන්න දෙන්නෙ නෑ..

"කුමරිය...!!"

රාක්‍ෂයා බය වුන පාර පුංචි කුමාරිය ඇදලා අරගෙන එයාගෙ ලොකු තටු සැලුවා..කුමරිය ඒ වලස් ලෝම වගේ සිනිඳු පපුවෙ මූණ හංග ගත්තා..

එයාව පරිස්සමට රෝස යායෙන් ඈතට ගෙනාව රාක්‍ෂයා එයාව නිල් තණ තීරය මත තිබ්බා.

"කුමරිය ඇයි ඔබට රිද්ද ගන්න උත්සාහ කරන්නෙ..? මට රිද්දන්න ඔබට හිරිහැර කරන්න එපා රෝස කුමරිය..මා එකවර මරන්න...."

කුමරිය හිස් බැල්මකින් කඳුළු පුරවන් ඉන්න රාක්‍ෂයා දිහා බැලුවා..ඇගේ දෙතොල් ගැහුනා..

"ඔ...ඔබට තුවාල ද..?"

"කුමරිය......??"

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින්ව එයාගෙ තුරුළෙන් ඈත් කල ජේකේ ජිමින්ගෙ නළලට එයාගෙ නළල තිබ්බෙ තාමත් කඳුළු එයාගෙ ඇස් වලින් වැටෙද්දි....

ජිමින්ගෙ හිස් බැල්ම ජේකේව නොමරා මරනවා වගේ...ඇයි ජිමින් වචනයක්වත් කියන්නෙ නැත්තෙ...?

"ජිමින්...මොනවා හරි කියන්න ප්ලීස්..ඔහොම ඉන්න එපා.මාව පිච්චෙනවා ඒන්ජල්...." ජේකේ බිඳුන කටහඬින් මිමිණුවා..

ජිමින් ජේකේගෙ නළලින් ඈත් වෙලා එයාගෙ ඇස් දිහා බැලුවා.ජේකේගෙ Masquerade එකේ ලේ තාම තියනවා..ජිමින් එයාගෙ ඇඟිලි තුඩු ඉස්සරහට ගෙනිච්චත් එයා අතේ ලේ ගෑවෙනවට බය වුනා..

"ඔයාට තුවාලද...?" ජිමින් අත පහත දාලා ජේකේගෙන් ඇහුවා..ජේකේ ඒ ප්‍රශ්නෙන් පුදුම වුන වගේ..

"අහ්...?"

"මං අහන්නෙ ඔයාට තුවාල වුනාද මේ ලේ වල අයිතිකාරයගෙන්? "ජිමින් කෙලින්ම ප්‍රශ්න කලා..

"මට....? නෑ ඒන්ජල්..ඇයි..?" ජේකේ ජිමින්ගෙ ඇස් වලට එබුනා..

"නෑ...නිකන්..." ජිමින් ජේකේගෙ පපුවට තුරුළු වුනා..එයා ඒ උණුසුමේ ආයෙ ඇස් පියා ගත්තා..

ජේකේ පුදුමෙන් ඇස් ලොකු කරන් එයාට තුරුළු වෙන සුරදූතයා දිහා බලන් ඉඳලා එයාව තද කරලා බදා ගත්තෙ කවුරු හරි හොරකම් කරයි වගේ බයේ....ජේකේ ජිමින්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුනා..

එයා හිතුවා 'කාගෙද මේ ලේ..? එයාව ඔයා මැරුවද? ඔයාට ඇයි බැරි ඕක නවත්තන්න...?' වගේ ප්‍රශ්න ජිමින් අහයි කියලා..

ඒත් එයා ඇහුවෙ...'තුවාලද ඔයාට' කියලා...

ඇයි දේවල් අසාමාන්‍ය විදියට නිහඬ....?

ජිමින් ඇඬුවෙවත් , තරහ ගත්තෙවත් නෑ...

ඒකට බය හිතෙනවා....



දන්නවද.....

ගැඹුර මුහුදේ ගිනිකඳු ගොඩක් පිපිරිලා සුනාමි එන්නෙ.....

ඒ වගේම....

ලොකු කුණාටුවකට කලින් ම මුහුද හරි නිහඬයි...

●●●

Waiting 👀.....

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now