° Page 44 ° - ° PJM

854 275 25
                                    


song recommendation -

Can you hear my heart
( Moon Lovers - Kdrama OST)

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමරිය එයාගෙ අසනීප තාත්තාට ඇඳේ ඉඳ ගන්න උදව් කරලා එයාත් ඇඳේ පැත්තකින් ඉඳ ගත්තා..එයා ලඟ හිටියෙ නැති ටික කාලෙට තාත්තා ගොඩක් වියපත් වෙලා වගේ..කුමරිය සුප් එකක් හෙමින් තාත්තට පොවන්න ගත්තා..

"මගෙ පුංචි කුමාරිකාව, කියන්න..රාක්‍ෂයා මගෙ දුවට කරදර කලාද...?"

ඇගේ තාත්තා කණස්සල්ලෙන් ඇහුවත් කුමරිය හිනා වෙමින් හිස් දෙපසට සැළුවා.

"නෑ තාත්තා..ඔහු ඇත්තෙන්ම අපූරුයි.මා ගැන තාත්තා තරම් ආරක්ෂා කලා..මනුෂ්‍යයෙක්ටත් වඩා මා ඔහුගෙන් ආදරය ලැබුවා..."

"කුමරිය ඔබ වෙනස්..කුමරිය කුමක්ද සිදු වූයේ...?"

"තාත්තා..මං සියල්ල පහදන්නම්..ඒත් මට දැන් කාලය සීමිතයි..මා නැවත යා යුතුයි......මේ මුදුවයි යන ක්‍රමය.."

ඇය මුදුව පියාට පෙන්නනවත් සමගම පිටු පසින් සිටි ඇගේ සොයුරියන් එය ඇඟිල්ලෙන් ගලවා ගත්තෙ ඇය කිසිත් සිතන්නත් පෙර...

"දෙන්න එය..අනේ..කරුණාකරලා..අනේ..."

කුමරිය ඔවුන් පසුපස හඹා ගියා...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"අප්පා..."

ජිමින් වේගෙන් ලිවින් රූම් එක හරහා දුවන් ගිහින් ලොකු කාමරයක දොරට තට්ටු කලා..

"අහ්..මගෙ පුංචි පැටියා..එන්න අප්පා ලඟට බෝලේ..."

ඇතුළෙන් ආව කටහඬත් එක්ක ජිමින් දොරත් ඇරන් නිදාන හිටිය අප්පගෙ ඇඟට පනින්න ගිහිනුත් එයා අසනීපෙන් කිව්ව නිසා ඇස් ලොකු කරන් නැවතුනා..

"එන්න බෝලේ..අප්පා ගොඩක් වෙලා බලන් හිටියා මෝචී.."

"අප්පාහ්... අනේහ්...."

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now