° Page 03 ° - ° PJM

1.1K 326 2
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ඒත් එයාගෙ සහෝදරියන්ට පුංචි කුමාරි ගොඩක් ආදරෙයි...ඉතිං එයා තාත්තට මොකුත්ම කිව්වෙ නෑ...
එයා හැමදාම එයාගෙ සහෝදරියන්ගෙ ආදරේ බලාපොරොත්තු වුනා..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින් එයාගෙ චූටි කකුල් වලින් සද්දයක් ඇහෙන් නැති වෙන්න හෙමීට ටේගෙ කාමරේට රිංගුවා.එයා දන්නවා ටේට අද සනීප නෑ කියලා...ටේ බෙහෙත් ගොඩක් අරන් එයාගෙ කාමරේට ගිහින් දොර වහ ගන්න හැටි ජිමින් හොරෙන් බලන් හිටියා..

එයා හොඳටම දන්නවා එයාව ටේට අහු වුනොත් වෙන්නෙ හොඳ දෙයක් නෙවෙයි කියලා..ඒත් එයා ඒක ඇතුලට ගියෙ ටේට බෙහෙත් දෙන්න..

ටේ හිටියෙ වොෂ් රූම් එකේ හින්දා ජිමින් කාමරේ ස්ටූල් එක උඩ තිබුන බෙහෙත් අරන් වතුර වීදුරුවක් එක්ක එතන තියලා බෙහෙත් එලියට ගද්දි නාලා ඉවර වුන ටේ ආවෙ එයාව එතනම ගල් වෙද්දි...

"ජිමින් මොකද්ද කරන්නෙ ආ...?"

ටේගෙ ගොරෝසු කටහඬට ජිමින්ව ගැස්සුනා. එයා අතේ තද කර ගත්ත බෙහෙත් පෙති ගැස්සුන පාර අත ඇරියා...රෝස පාට බෙහෙත් පෙති ගොඩාක් ටේගෙ කාමරේ බිම උඩ පැන පැන විසිරුවා.

ඒක දැක්කම ටේ ට මොන තරම් කේන්ති ගියාද කියනවා නම් එයා අඩියට දෙකට ජිමින් ළඟට ඇවිත් එයාගෙ කම්මුලට හයියෙන් ගැහුවෙ අතේ ඇඟිලි පහම හිටින්න..

"මොකද්ද ඒ කලේ ආ...? මොකද්ද තමුසෙ කරන්න ගියෙ ආ.....? කතා කරනවා..ඉතිං කතා කතා කරනවා..."ටේ තාමත් කම්මුල අල්ලන් බය වෙලා ඉන්න ජිමින්ගෙ කොලර් වලින් අල්ලලා බෙරිහන් දුන්නම ජිමින්ගෙ ඇස් වල කඳුලු පිරුනා.

ඒ සද්දෙට යුන්ගි දුවලා කාමරේට ආවම තාමත් ඇස් දෙකෙන් ගිනිපිට වෙන ටේවයි , අඬන ජිමින්වයි දැක්කා. එයා ජිමින්ව කාමරෙන් එලියට ඇදලා දාලා එයාගෙ මූණට ම දොර වහලා දැම්මා..

ජිමින් එයාගෙ කාමරේට දුවන් ගිහින් හොඳටම ඇඬුවා..එයා කෑ ගහලා ඇඬලා නිදා ගත්තෙ කම්මුල් වල කඳුළු පාරවල් ඔහේ වේලෙන්න දීලා...ටේ ගහපු කම්මුල එයාටම ගොඩක් සීතලට දැනුනා..

මං විතරමයි එයාලට ආදරේ....එයාලා එහෙම නෑ...

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now