° Page 06 ° - ° PJM

1K 312 6
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

එක සහෝදරියකට රාජ කුමාරයෙක් එක්ක විවාහ වෙන්න ඕන වෙද්දි
අනිත් කෙනාට තාත්තගෙ උරුමයන් ඕනි වුනා..
පුංචි කුමාරියට ඕනි වුනේ තාත්තගෙ හිත රිදෙන් නැති වෙන්න පුංචි දෙයක් ඉල්ලන්න...ඒ නිසා එයා ඉල්ලුවා..

රතු රෝස මලක්...!

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"හොඳයි මගෙ ජිමින් බබා..ඔයාට මොනාද ඕනි...?"

මිස්ටර් පාර්ක් කම්මුල් රෝස පාට කරන් ටෙඩියා අස්සෙ හැංගෙන ජිමින්ගෙන් අහද්දි ජිමින් හෙමීට ඒ ඔළුව ඉස්සුවා.

"අප්පා මට.....මොකුත් ඕන නෑ...අප්පා ඉක්මනට එන්න..."

ජිමින් මිමිණුවා..ජිමින්ට ගොඩාක් එයාගෙ අප්පා ව මිස් වුනා..

"එහෙම නෙවෙයි දරුවො..කියන්නකො අයියලා වගේ ඔයාට ඕන දෙයක්..මං ගෙනත් දෙන්නම්..."

මිස්ටර් පාර්ක් හිනාවෙන් ම ඇහුවා..

"ම්..අප්පා එහෙනම් මට.. little prince 1943 Original Book එකක් French වලින් ගෙනත් දෙනවද...?"

ජිමින් අහිංසක විදිහට ඉල්ලුවා..එයා කියවලා තිබුනෙ little prince book american edition. ඒත් එයාට ඇත්තම පොත කියවන්න ඕනි වුනා.

ජිමින් කියද්දි ටේ තරහින් එයාට රැවලා එතනින් නැගිටලා යන්න ගියා..යුන්ගිත් නළල පිරි මැද ගත්තෙ ජිමින් දිහා බලන ගමන්..

"ජිමින්..මං හිතුවා ඔයා ඊට වඩා දෙයක් මගෙන් ඉල්ලයි කියලා..." මිස්ටර් පාර්ක් ලොකු හුස්මක් යවලා කෝල් එක කට් කලා...

මට ඕනි..අප්පා ආපහු ඉක්මනට එන්න..

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now