° Page 35 ° - ° PJM

977 284 40
                                    


song recommendation -

Remember When I told you
(English Song )


&

Bolbbalgan4
(  Korean Song  )

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

දවස් ගාණක ආදරය කුමරියගෙ වගේම රාක්‍ෂයාගෙ ආදරය තව තවත් ශක්තිමත් කලා..

පුංචි කුමරිය එයාගෙ අත් මේස් අයින් කරලා රතු රෝස අතු ඉන්දවන්න රාක්‍ෂයාට උදව් කරන්න ඉදිරිපත්  වුනත් මල් වලට වතුර දානවා හැර දෙයක් කරන්න එයාට අවසර තිබුනෙ නෑ..

අන්තිමට පුංචි කුමාරිය තරහින් වගේ රාක්‍ෂයව මල් බාස්කට් එකෙන් නාවලා ඒක අත ඇරලා රාක්‍ෂයාගෙන් ඈතට දුවද්දි රාක්‍ෂයා එයා පස්සෙන් පැන්නුවෙ එයාව සීරෙයි , වැටෙයි කියලා බයෙන්..

ඒත් පුංචි කුමරිය හිනා වෙවී මල් උද්‍යානය පුරා දුවලා ගිහින් ලොකු ගහක් පිටිපස්සෙ හැංගිලා රාක්‍ෂයා එනකන් බලන් හිටියා..ඒත් ඒ වෙද්දීත් රාක්‍ෂයා චූටි කුමරිය පිටිපස්සෙ ඉඳන් එයාව තුරුළු කර ගත්තා...

දෙන්නම ගොඩක් සතුටින් හිනා වුනා..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින්ගෙ රෝස යටි පතුල් වීදුරු ටයිල් වල සීතලට රතු පාටට හැරිලා තියනවා ජේකේ දැක්කා.ජිමින්ව කිචන් අයිලන්ඩ් එකෙන් තියපු ජේකේ නින්දෙ ඉන්න එයාව බිත්තියට හේත්තු කරලා ඒ කකුල් අතින් පොඩි කරලා රස්නෙ කලා..

ඒකෙන් ජිමින් ඇහැරිලා ජේකේ දිහා ඇස් ලොකු කරලා බලන් හිටියා.. ඇස් බොඳ වෙද්දි එයා දණගහන් හිටිය ජේකේගෙ කෙස් අතරින් එයාගෙ චූටි ඇඟිලි ගෙනිච්චා..ජේකේ ඒ පහසට උඩ බලද්දි ජිමින් අඬන්න ඔන්න මෙන්න හිටියෙ..

එයා බය වෙලා හිට ගත්තම මොහොතක්වත් ඉන් නැතුව ජිමින් ජේකේගෙ අත් දෙකට පැනලා උරහිස්සෙ එල්ලුනා..

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now