° Page 23 ° - ° PJM

962 310 17
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

බියුටි එයාගෙ නිදිමත පිරුන ඇස් අරිද්දිත් එයා එයාගෙ ඇඳ මතයි හිටියෙ.ඒත් එයාට එතනට ආව විදියක් මතක තිබුනෙ නෑ...

එතකොට ඒ රාක්‍ෂයාද...පුංචි කුමාරිව ගෙනත් තිබ්බෙ..?

එයාව ඒ තරම් පරිස්සමට බලා ගන්න කෙනා ඇයි එයා ඉස්සරහට නොඑන්නෙ...?

'පොරොන්දු වෙන්නම් ආයෙ බය වෙන්නෙ නෑ කියලා..'

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●


ජිමින් ඩුවට් එක ඇතුළෙන් එයාගෙ ඔළුව එලියට අරන් වටේම එක ඇහෙන් බලන් ගියා..ඒ එයාගෙ රූම් එක..

"ජේකේද මාව උස්සන් ඇවිත් මෙතනින් තිබ්බෙ ? ඔහ් ෂිට් අපරාදේ.."

ජිම්න් එයාට නින්දගිය එකට එක පැත්තකින් පසුතැවෙන ගමන් අනිත් පැත්තෙන් සතුටු වුනා..ජේකේ එයාව තුරළු කරන් වඩා ගත්තනෙ..

ජිමින්ව හදිසියේම ඇහැරුනාට තාම හරියට එළිය වැටිලවත් තිබුනෙ නෑ..එයා හවස නින්දට වැටුන නිසා පාන්දර වෙද්දි ඇහැරුනා..

එයා අහසෙ දිළිසෙන පුංචි තරු දිහා වීදුරු ප්‍රංශ ජනේලයෙන් බලන් ඉඳලා හුස්මක් යැව්වා..

"..How I wonder what you are..."

එයා ඒ දිහා බලන්ම මිමිණුවෙ..හදවත ආයෙත් රිදෙද්දි..

ඒ එක්කම ජිමින්ට ඇහුනෙ කිචන් එක පැත්තෙන් ආව සියුම් සද්දයක්.ඒක සිහින් කෙඳිරියක් වගේ..ජිමින් නිදාගෙන හිටිය නම් ඒක නෑසෙන්න තිබුනා..

ජිමින් ඇස් ලොකු කරලා ඒ පැත්ත බලලා එයාගෙ දණහිසටම දිග ලා නිල් පාට යුනිකෝන් මේස් දාන් ඇඳෙන් බිමට පැන්නෙ සද්දයක් නැතිවෙන්න..ලාවට ඇරුණ දොරෙන් එලියට ආව ජිමින් ඇඟිලි තුඩු වලින් කිචන් එකට ගිහින් එබෙද්දි එක පාරට එයා ගල් වුනා..

ජේකේ !

එයා කෑම ගොඩක් හදන ගමන් ඒවා මේසෙට ඇරලා.ජිමින් මෙච්චර කල් හිතුවෙ ඒවා ජිමින් ඇහැරෙන්න කලින් ජේකේ ඕඩර් කරපුවා කියලා.ජිමින් එයාම නොදැනුවත්ව ජේකේට ලං වුනා..

ජේකේගෙ අත පිහියට කැපිලා තිබුනා..උයන්න පුරුදු නැති එයා ඒකට පුරුදු වෙන්න ගිහින් මෙහෙම හැමදාම මොනා හරි කර ගත්තා..ඒත් දැන් වගේම එයා තොල් හපන් ඒක දරා ගත්තෙ නින්දෙ ඉන්න ජිමින් ඇහැරෙයි කියලා බයෙන්..



එයාගෙ පුංචි සුරදූතයාගෙ නින්ද මොන තරම් වටිනවද...
එයාගෙ එක පුංචි හිනාවක් මොන තරම් වටිනවද...
ජේකේ හදපු චොක්ලට් කේක් කෑල්ලක් බදාන කන ඒ සතුට මොන තරම් වටිනවද...



රාක්‍ෂයාට ඒ දෙවල් මොන තරම් වටිනවද...

●●●

රාක්‍ෂයාගෙ ආදරේ පුදුමාකාරයි..

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now