° Page 19 ° - ° PJM

967 304 10
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"ආව්...."

කුමාරිකාව එයාගෙ ඇනුන රෝස කටු වලට එන ලේ එන ඇඟිල්ල තද කරලා අනිත් අතින් අල්ල ගත්තා..ඒත් ඊටත් වඩා වේගෙන් එයා ළඟට කෙනෙක්  ආවා...

"මගෙ බියුටි ඔබ තුවාල කර ගත්තාද...මේ..මේ...ලේ....!"

පුංචි කුමාරිකාවගෙ අත් එයා ලඟට ඇද ගත්ත රාක්‍ෂයා කලබලෙන් ඇහුවා..ඒත් ඒ එක්කම පුංචි කුමාරිට කෑ ගැස්සුනා....එයා එහෙමම පිටිපස්සට ගියෙ බයෙන් ගැහි ගැහිමයි..

"ඔබ..ඔබ...මෘ...මෘගයෙක්..රාක්‍ෂයෙක්...ඈත්ව ය..යන්න..මගෙන්...මට..මට කරදර කරන්න එ..පා.."

පුංචි කුමාරි කෑ ගැහුවා..එතකොටයි රාක්‍ෂයාට මතක් වුනේ..එයා කුමරිය ඉස්සරහට ආවා කියලා...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"ජිමින්...!"

ජේකේ දුවන් ගිහින් වැටෙන්න යන ජිමින්ගෙ ඉණ වටේ ට අත යවලා එයාට තුරුළු කර ගත්තා...ජිමින් බැලන්ස් නැති වෙද්දි පියා ගත්ත ඇස් ඒ විදියටම පියන් ජේකේට තුරුළු වුනේ බයෙන්..

ජේකෙ ජිමින් එක්කම ආපස්සට වැටුනා.ඒත් එයා ජිමින් එයාගෙ ඇඟට ගත්ත නිසා ජිමින්ව බිම නොවැදුනත් ජේකේගෙ අත හයියෙන් බිම වැදුනා.

ජිමින් ටික වෙලාවකින් හෙමීට ඇස් ඇරලා පිටිපස්ස බලද්දි එයා දැක්කෙ ජේකේව...! එයාගෙ ඇස් ලොකු වුනා...ජේකේගෙ ඇඟ උඩින් එයා ඉක්මනට නැගිටලා ජේකේව එහාට තල්ලු කරලා දැම්මා එයාට පුළුවන් උපරිමෙන්..

"ඔයා..ඔයා..! ඔයා රා..රාක්‍ෂයෙක්..! ඔයා බය හිතෙන රා..රාක්‍ෂයෙක්...ඈ..ඈතට යන්න...මගෙන්..අනේ..මට බයයි..මට..මට....මොකුත් කර..කරන්න එපා...."

ජිමින් පස්සෙන් පස්සට යද්දි තමන්ගෙම අත අල්ලන් ජේකේ අමාරුවෙන් නැගිට්ටා...එයාගෙ අතේ වේදනාවට වඩා හිත ගොඩක් රිදෙන්න ගත්තා..

"අහන්න මගෙ ඒන්ජල්....."

"නෑ..! නෑ...! යන්න..මං ළඟට එන්න එපා..! ප්ලීස්...ප්ලීස්....ඈතට යන්න..! මට ඔයාව දැක්ක ම බ...බය හිතෙන...වා..."

ජිමින් තව පිටිපස්සට ගියෙ ගැහි ගැහි..මේ වෙද්දි එයාගෙ ඇස් වල කඳුලු පිරිලා..ඊටත් වඩා ජේකේගෙ ඇස් වලින් කඳුළු කඩන් වැටුනා..

"ජිමින්...අහන්න...මං......"

ජිමින් ලඟට අත දික් කරන් ජේකේ අඩියක් ඉස්සරහට තිබ්බෙ එයාගෙ කඳුළු වැටුනත් ජිමින්ගෙ කඳුළු පිහින්න..

"යනවා! මෙතනින්...! මට ඉන්න දෙනවා! මාව අල්ලන්න එපා....!

ජිමින් කෑ ගැහුවා..ඇස් පියාන , අත් වලින් එයාගෙ කන් තදට වහන්..

ජේකේ එහෙම ම නැවතුනා..

එයාගෙ හදවතත් නැවතුනා වගේ...

එයා එයාගෙ රිදෙන අතත් අල්ලන් බිඳුන හදවතින් ආපහු හැරුනා..කඳුළු එක සීරුවට වැටුනා ඒ ඇස් වලින්.

ඔව්...ජිමින්ගෙ වේදනාව ඉස්සරහ ජේකේගෙ වෙස්මූණ ගැලවිලා තිබුනා...!

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now