° Page 40 ° - ° PJM

890 271 24
                                    


song recommendation -

Let Me Down Slowly
__Alec Benjamin__

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

කුමරිය රාක්‍ෂයාගෙ පුරා ඇස් ගෙනිච්චෙ එයාට තුවාල වෙලාද කියලා ගැහෙන හදවතින්..ඒත් එහෙම රුධිර ගැලීම් ඇය දැක්කෙ නෑ..

සුසුමක් හෙලපු පුංචි කුමරිය රාක්‍ෂයාගෙන් ඈත් වෙලා මාලිගාව පැත්තට යද්දි දුහුල් මේස් වලට වැහුන රෝස යටි පතුල් තණ කොළ කිති කැව්වා.

වීදුරු සපත්තු නැති ඒ යටිපතුල් බිම ස්පර්ශ කරන එකට ලෝබ වුන රාක්‍ෂයා ඇයව අත් අතරට ගත්තාම කුමරිය ගැස්සුනත් ඉක්මනින් සන්සුන් වුනා..

"ඇඩම්.." කුමරිය මිමිණුවෙ රාක්‍ෂයාගෙ තියුණු ඇස් දිහා බලන්..

"කියන්න මගෙ රතු රෝස මල..." රාක්‍ෂයා මද සිනහවකින් පුංචි බියුටිගෙ මූණ දිහා බැලුවා..

"මගෙ සතුට නේද වටින්නෙ ඔබට.....? මා කියන දේ කරනවද...?"

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජේකේ ජිමින්ගෙ ඉණෙන් ඉස්සුවාම ජිමින් ජේකේගෙ බෙල්ල වටේ අත දා ගෙන ඉස්සුනා.ජේකේ ජිමින්ව පුරුදු විදියට වඩා ගත්තෙ හිතට චූටි සැහැල්ලුවක් දැනෙද්දි..

ජිමින් ජේකේගෙ ඉණ වටේ කකුල් පටලවන් ජේකේගෙ පපුව උඩ ඔළුව තියා ගත්තා.එයාගෙ හදවත ඉරිතලලා..හරියට ගෙවිලා ඉවර වෙන සීත කාලෙ මිදුන අයිස් ඉරි තලලා වගේ.. 

ජේකේ එයාගෙ පුංචි සුරදූතයාව එයාගෙ  අත් අතර පරිස්සමට ගෙනිහින් එයාව පුරුදු විදියට පපුව උඩ තියාන ඇඳේ හාන්සි වුනා..



ජිමින් එයාලගෙ කාමරේ දැන් ටික දවසකට කලින් අලවපු රේඩියම් තරු දිහා බලන් හිටියා.කරුවල කාමරේ රේඩියම් තරු බිත්ති වල දිළිසුනා..

ජේකේ කපපු තරු උඩ පැන පැන හිනා වෙවී බිත්ති වල දුව දුව අල්ලපු පුංචි ඒන්ජල්  එයාගෙ පපුව උඩ සද්ද නැති වෙද්දි ජේකේගෙ දිළිසෙන ඇස් වල කඳුළු පිරුණා..

ලොකු ප්‍රංශ විදියට හදපු  බැල්කනියට ඇරෙන වීදුරු දොරේ එයාලා හදපු ඩ්‍රීම් කැචර් එක සුළඟට පැද්දෙනවා ජේකේට වගේම ජිමින්ටත් ඇහුනා..

දවස් තුනකට කලින් ජිමින් ජේකේගෙ බඩ උඩ ඉඳන් ඩ්‍රීම් කැචර් එකක් ඕනි කිව්වම ජේකේ රෑ නිදි නැතුව ඒක හදන විදිය යූ ටියුබ් එකෙන් පුරුදු වුනා..ජිමින් උනන්දුවෙන් ඒක බලන්න ගත්තත් එයාව ජේකේගෙ උණුසුම නිදි කෙරෙව්වා..

ජිමින්ව ලොම් කබායෙන් ඔතපු ජේකේ ජිමින්ට ගාඩ්න් එකේ පැයක් ඉන්න ඉඩ දුන්නා.මොකද  ඩ්‍රීම් කැචර් එක හදන්න කුරුළු පිහාටු හොයන්න ජිමින්ට ඕනි වුනා.ජේකේ හොඳටම දන්නවා මේ වින්ටර් සීසන් එකේ ඉන්න කුරුල්ලෝ උණුසුම් පැති වලට පර්යටනය කරනවා කියලා.ඒත් ජිමින්ට ලස්සන පාට පාට පිහාටු ගොඩක් හිමවත් නොරැදි ලස්සනට හම්බුනා.

ජේකේ එයාගෙ පිටිපස්සෙ පිහාටු කවරයක් හංගන් තැන් තැන් වල දුව දුව කුරුළු  පිහාටු හොයන පුංචි බෝනික්කා දිහා හිනා වෙවී බලන් හිටියා..හම්බෙන පිහාටුවක් ගානේ එයා ඇස් හීනි කරලා හිනා වෙන ගමන් ඒක ජේකේට උඩ පැන පැන ආඩම්බරෙන් පෙන්නුවා..

අන්තිමට ජේකේ ඩ්‍රීම් කැචර් එක හදලා ජිමින්ගෙ ඉයර් රින්ග් එකක චූටි ට්‍රසල් දෙකකුත් ඒකෙ එල්ලුවෙ ලස්සන සද්දෙකින් හෙලවෙන්න...හැමදාටම...


ජේකේ දවස් තුනක මතකෙන් පියවි සිහියට ආවෙ ජිමින් එයාගෙ මූණ උස්සලා ජේකේ දිහා බලද්දි..

"ජේකේ...මට අප්පා ගාවට යන්න ඕනි.."


ඒ වෙලාවෙ....
රේඩියම් තරු නිවිලා ගියා...
ඩ්‍රීම් කැචර් එක නොසෙල්වී ගියා...

එක හදවතක ගැස්ම තත්පර ගාණකට නැවතුනා.....

●●●

●●●

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now