° Page 12 ° - ° PJM

982 314 0
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමාරිගෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඬ අඬාම විස්තරේ කිව්වා..

පුංචි කුමාරිගෙ සහෝදරියෝ තරහෙන් හිටියෙ එයාගෙ වැඩකට නැති රෝස මලක් නිසා තාත්තා කරදරේ වැටුන එකට...ඒත් පුංචි කුමාරි තාත්තගෙ කඳුළු පිහලා එයා රාක්‍ෂයා ලඟට යන්නම් කියලා හිනා වුනා...

තාත්තා මොන තරම් විරුද්ධ වුනත් පුංචි කුමාරි එයාගෙ කැමැත්තෙන්ම රාක්‍ෂයගෙ මාලිගාවට ගියා...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"අප්පා...උන දේ කියන්නකො..ඔයා අපිව බය කරනවනෙ..."

ටේ එයාගෙ තාත්තා අතට වතුර වීදුරුවක් දුන්නම මිස්ටර් පාර්ක් ඒක එක හුස්මට බීලා, ඇස් ලොකු කරන් එයා දිහාම බලන් ඉන්න ජිමින්ගෙ අතින් ඇදලා ලඟට ගත්තා.

"ජිමිනී..මගෙ මැණික අප්පට සමාවෙන්න..අප්පා කරදරයක් දා ගත්තා මගෙ රෝස මල..මං අද ඔයාගෙ පොත හොයාගෙන යද්දි......................"

මිස්ටර් පාර්ක් උන සේරම දේවල් කියද්දි ජිමින් අප්පගෙ ඔළුව අත ගගා සේරම අහන් හිටියා..යුන්ගි හිස් බැල්මෙන් සෝෆා එකේ නිදන් ඉද්දි ටේ නම් පුපුර පුපුර හිටියෙ...

"වැඩකට නැති පොත..! ඔය වැඩකට නැති මගුල හින්දා මේ සේරම..තමුන්ට වෙන ඉල්ලන්න ම දෙයක් තිබුනෙ නැද්ද පාර්ක් ජිමින්..!"

ටේ සේරම අහලා ඉවර වෙලා ජිමින්ට කෑ ගැහුවා..එයා ඊලගට ලඟ තිබුන ජිමින්ගෙ ෆෝන් එකත් කේන්තියෙන් පොලේ ගැහුවා.

"අප්පා..අපි දැන් මොකද කරන්නේ...?"

යුන්ගි ඇසුත් පියන් ගාණකට නැතුව අහද්දි ජිමින් කල්පනා කලේ 'ඔව් ඉතිං ඒකෙන් එයාට මොකුත් අවුලක් නෑනෙ' කියලා .

"මං දන් නෑ දරුවෝ...ඒත් මං හෙට යනවා.මට බෑ මගෙ රෝස මලට මොකුත් වෙනවා දකින්න.ඊට වඩා මං එහෙම මැරිලා යන එකයි හොඳ...."

මිස්ටර් පාර්ක් එහෙම කියලා ඉතිරි වෙලා තියන ජීවිතෙ ටික කාලෙ ගැන හිතුවා..

මූණක්වත් නැති රාක්ෂයා ගැන ජිමින් හිටියෙත් බයෙන් වගේ...ඒත් එයා කොහෙත්ම අප්පට යන්න දෙන්නෙ නෑ කියලා හිතා ගත්තා.

____________________________________

දැන් මේ වෙද්දි ඊලග දවසටත් එළි වෙලා...මේ වෙද්දි රාක්ෂයගෙ කාර් එක එන්න ඕනි..

"නෑ අප්පා..! ඔයා කොහෙවත් යන්නෙ නෑ....මං යන්නම් මොන්ස්ටර් ලඟට!"

ජිමින් එහෙම කියලා එලියට දුවන් ගිහින් නවත්තපු කා එකට නැගිද්දි ටේ, යුන්ගි වගේම අප්පත් කෑ ගහන් දුවන් ආවා.

ඒත් ජිමින් තීරණය කරලා ඉවරයි..!

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now