° Page 37 ° - ° PJM

843 277 36
                                    


song recommendation -

Wajah Thum Ho
Hindi Song

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

කුමරිය පසුපසට අඩියක් තිබ්බෙ එයාගෙ රෝස තොල් විවර වෙද්දි.එයාගෙ හදවතේ රතු රෝස කටු ඇනෙනවා එයාට දැනුනා..

පුංචි කුමරිය දැනන් හිටියා රතු රෝස වල කටු තිබුනා කියලා..ඒත් එයා ඒක අමතක කලේ එයා රතු රෝස වලට ආදරේ කල නිසා..

ඒත්.......

ඒවා තවදුරටත් තමන්ගෙ කටු වලින් කුමරියට අනිනවා නම් කුමරිය ඒවට කැමති වෙයිද...........?

ආදරය කරයිද....?

එයාගෙ රතු රෝස වලට........?

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●


ජිමින් ළඟට හීනෙන් වගේ ඇවිදන් ආව ජේකේ සුදු පිහාටු පාටට හැරුන රෝස කම්මුල් වලට අත තියන්න ළඟටම ගෙනාවා..එයා දැක්කා තමන්ගෙ ඇඟිලි ගැහෙනවා..

ජිමින් ජේකේගෙන් ඈත් වෙන්න උත්සාහ කලේ නැතත් වෙනදා වගේ ලං කරන අත් මත එයාගෙ කම්මුල් තද කලේ නෑ..ජිමින් ජේකේගෙ ගැඹුරු ඇස් දිහා බලන් හිටියා...

"ජි...ජිමින් මම......"

ජේකේ එයාටවත් නෑසෙන ගාණට මිමිණුවෙ තවත් ඒ ඇස් ඉස්සරහ නිහඬව ඉන්න බැරි නිසා.ජිමින්ගෙ නිල් ඇස් ජේකේගෙ ලේ ගෑවුන මුහුණ පුරා යනවා..

"......ඔයා...නෑ....මේ..ලේ.....ජේකේ..ඔයාට......"

ජිමින් මොනා හරි කියන්න උත්සාහ කලා..ඒත් එයාට පැටළුනා..මොකද එයා ගැස්සිලා හිටියෙ...

මොකද ඒ ලේ...! කාගෙ හරි..!

ජේකේට එයා ඉස්සරහ වචන ගොතන පුංචි ඒන්ජල් දිහා තවත් බලන් ඉන්න බැරි වුනා..

'ජිමින් මට බය වෙලා...ජිමින්ගෙ ඇස් ඇතුළෙ මට තියන බය හිර වෙලා...මගෙ පුංචි ඒන්ජල් මං රාක්‍ෂයෙක් කියලා දැක්කා....'

ජේකේ ජිමින්ගෙන් ඈතට අඩියක් ආපස්සට තිබ්බෙ කඳුළු ඇස් වල පුරවන්..ඒවා Masquerade එක යටින් කම්මුල් තෙමලා දැම්මා..

ජිමින් එහෙමම ඉද්දි ජේකේ ක්ෂණිකව ආපහු හැරිලා පඩිපෙළ දිගෙ දුවන් ගියෙ, තවදුරටත් සුරදූතයෙක් ඉස්සරහ ලේ ගෑවුන බීස්ට් කෙනෙක් හිටන් ඉන්න එක ගැළපෙන් නැති නිසා..

"ජ්..ජේකේ...මං..මට.........."

ජිමින් ජේකේට කතා කලේ එයා ඉන්න තැනින් නොසෙල්වී.ඒත් ඒ වෙද්දි ජේකේ එයාගෙ ඇස්මානෙන් දුර ගිහින්.

ජිමින් හෙමින් ඇවිදන් ගිහින් ජේකේගෙ දොර ඉස්සරහ හිට ගත්තෙ බය වගේම දුක මුසුවුන හැඟීමකින්...

"ජේකේ...දොර අරින්න....."

"ජේකේ....? ජේකේ මේ දොර අරින්න...."

"ඇහෙනවද....ජේකේ....!! මේ දොර අරින්න ප්ලීස්....."

.
.
.
.
.
.
.
.
.

'ජිමින් මට බය වෙලා...මගේ රෝස මල මට බය වෙලා...මං..මං....රාක්‍ෂයෙක්....හහ්...ජේකේ..ඔයා මොනාද හිතුවෙ? ඒන්ජල් කෙනෙක්ට ආදරේ කලාම ඔයත් ඒන්ජල් කෙනෙක් වෙයි කියලද...? නෑ ජේකේ නෑ.....මොන්ස්ටර් මොන්ස්ටර්මයි....! ඒක වෙනස් වෙන්නෙ නෑ...'

ඒකයි රාක්‍ෂයාගෙ ඔළුවෙ පැලපදියම් වුනේ...එයාගෙ මොළේ එයාගෙ හදවත පරාද කලා....

රාක්‍ෂයා ආයෙත් වෙස්මූණක් පිටිපස්සට යන්න තීරණය කලා..

ලේ ගෑවුන.....!

●●●

කලින් එකට 100 Views වෙනකන් ඉන්න ඕනි නෑ.
ගොඩක් අය ඉල්ලනෝ....
😘🥰❤

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now