° Page 51 ° - ° JJK

894 279 97
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

එකමත් එක දවසක පුංචි රාජ කුමාරියක් රජ පවුලට ඉපදුනා..

පුංචි දූ කුමරිය ඉපදුන දවසේ රජ මාලිගයම හරිම සතුටින් උත්සව පැවැත්වුවා...

ඒත්.....................

ඒ පුංචි සුරංගනාවිට ඉපදුන දවසේ ඉඳන්ම ශාපයක් වැදුනා...නපුරු මායාකාරියකගෙන්...මොකද රජ පවුලට උත්සව වලට එයාට ආරාධනා කරන්න බැරි වෙලා..

'මේ පුංචි කුමරිය එයාට වයස විසිපහ ලබනවත් එක්කම තියුණු දෙයක් ඇනී  තද නින්දකට වැටෙනවා...'

ඒක තමයි ශාපය..!

රජ පවුල මාලිගාවෙ ම තියුණු දේවල් ඉවත් කලත් රාජ කුමාරි හරියටම එයාගෙ විසි පස්වෙනි උපන් දිනයෙදි තද නින්දකට වැටුනා.....

එයාගෙ රාජ් කුමාරයා ඇවිත් එයාව සිප ගන්නකන්ම.......

JJK

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජේකේ සිහිය ඇවිත් දැන් සතියක් වෙලත් එයා හොස්පිට්ල් එකේ ඇඳ මත තාම ගැඹුරු නින්දකට වැටිලා හිටිය ජිමින් ලඟින් අයින් වුනේ ම නෑ...පැය විසිහතර ම එයා ජිමින්ගෙ චූටි රෝස අත අල්ලන් ඒක අතගාන ගමන් දෙවියන්ට ජිමින්ව ඇහැරවන්න කන්නලව් කලා...


ටේ , යුන්ගි දෙන්නා එන එන සැරේට එයාලා දැක්කෙ ඇස් දෙකේම කඳුළු පුරවන් ජිමින් දිහාම බලන් ඉන්න ජේකේව..ඒ දෙන්නා ජේකේව කොච්චර යවන්න හැදුවත් එයා ජිමින් දාලා යන එක තදින් ප්‍රතික්ෂේප කලා.

ඒත් අද ටේ , යුන්ගි එද්දි ජේකේ ජිමින්ගෙ ලඟ පුටුවෙ ඉඳන් ජිමින්ගෙ ඇඳට ඔළුව තියානම නින්ද ගිහින්....එයා අතේ පෑනක් වැටෙන්න ඔන්න මෙන්න ඇඟිලි අතර රැඳිලා.

ජේකේට සිහිය ආව ගමන් ජිමින්ට තියන ලෙඩේ ගැන වගේම මෙච්චර කල් වුන සේරම දේවල් පැහැදිලි කරලා දීලා දුන්න ජිමින්ගෙ ඩයරි එකත් ජේකේ ජිමින්ගෙ බඩ උඩ තියන්ම ලියන ගමන් ඉඳලා තියෙන්නෙ..ඒකෙ එක පිටුවක් ඔහේ පෙරලිලා ගිහින්..ජේකේ , ජිමින් තද නින්දෙ...

දෙන්නව දැක්ක ටේ යුන්ගිට ලාවට හිනාවක් දාලා ජේකේව අරන් සෝෆා එකෙන් තියන්න කියලා ඇඳ ලඟට යද්දි තමයි ජිමින්ගෙ ඩයරි එකේ ජිමින් නවත්තපු තැන ඉඳන් ලියන්න අරන් තිබුන දේ දැක්කෙ....ඒක ලියලා තියෙන්නෙ ජේකේ !


ටේ ගැහෙන හදවතින් ඒක කියවලා බිමට දණහිස් පණ නැතුව වැටෙද්දි යුන්ගි එයා ගාවට දුවලා ආවා..එයා ගොඩක් පුදුමෙන් ටේගෙ මූණ දිහා බලද්දි ටේගෙ මූණ සුදුමැලි වෙලා තියනවා වගේම අතේ තියන පොත  දැක්කා.

යුන්ගි ඒක ටේගෙන් උදුරගෙන කියවද්දි එයාත් ටේ තරම්ම පුදුම වුනා වගේම වෙව්ලන කටහඬින් ටේට කතා කලා..

"ඒ...ඒ..මේක..ජ්...ජේකේ...?"

"මං දන්නෑ යුන්ගි..ඊළඟට එතකොට ජේකේට Schizophrenia ද...?" ටේ හිස් බැල්මකින් මිමිණුවා..

"එතකොට ඊළඟට sleeping beauty cansept එකද අපිට රඟපාන්න තියෙන්නෙ..."

යුන්ගි කළකිරීමෙන් කිව්වෙ අහිංසක විදියට නිදාගෙන ඉන්න ජේකේ , ජිමින් දෙන්නා දිහා බලන්...

"හ්ම්....එතකොට ජේකේට අනුව ජිමින්ගෙ ඉපදුන දවසෙ වැදුන ශාපය මේ ලෙඩේ..ඒ වගේම එයා වයස විසි පහේදී නින්දට වැටුනා...හහ්...ඇයි ඇයි ඇයි යුන්ගි අපිට ම මෙහෙම වෙන්නෙ..."

ටේ කෑ ගැහුවෙ පොළවට ගහන ගමන්..යුන්ගිටත් කියන්න දෙයක් තිබුනෙ නෑ.....

දෙන්නම බිම ඇස්වල කඳුළු පුරව ගත්තෙ ඒ තරම්ම දුක , බය දැනුන නිසා...
































































































































































































































































































































































































"අහ්ම්..හි..හියුන්ලා..අපි විහිළුවක් කලේ.....ජිමින්ට ඊයෙ රෑ සිහිය ආවා...මියානේ..ඔයාලා බය වුනා නම්....."

"යායායායාආආහ්හ් ජේකේහ්!!! "

●●●

😅😅😅

මියානේ..😅💔

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now