° Page 42 ° - ° PJM

866 265 83
                                    


song recommendation -

Billie_Eilish - Lovely Song

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුදුම තරම් ඉක්මණින් දේවල් වෙනස් වුනා..

රාක්‍ෂයාගෙ රතු රෝස වල රක්ත වර්ණය රෝස පාටට සේදිලා ගිහින් රාක්‍ෂයා අඬපු කඳුළු වලට...

සුදු රෝස වැටයේ පඳුරු අතරේ රෝස පෙති මිළින වෙන්න දැන් පටන් අරන් හෝරා ගාණකුත් ගෙවිලා..

'අඬන්න එපා ඇඩම්..මං ආයෙ එන්න පොරොන්දු වෙනවා..'

කියා රෝස උද්‍යානයේ මැද අතැර ගිය එයාගෙ රෝස කුමරිය එනකන් තාමත් රාක්‍ෂයා  මග බලන් හිටියා...

"මගේ රෝ..ස මල..තවත් හෝරා දහසයයි...ඉති..රි....."

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"ජිමින් ජිමින් ඔය වැටෙයි දරුවෝ...දුවන්න එපා ඒන්ජල්..."

ජේකේ එයාගෙ ලොකු ෂර්ට් එකක් ඇඳන් එහෙ මෙහෙ දුවන ජිමින්ට කෑ ගැහුවෙ ලිවින් රූම් එක මැද ඉඳන්.ජිමින් සෝෆා එකට පැනලා දිවත් රෝස තොල් වටේ යවන ගමන් එයාගෙ වැඩේ දිගටම කලා.ජිමින් ඒ දෙන්නගෙ හෑන්ඩ් මේඩ් බෙස්ලට් දෙකකට යට වෙලා හිටියෙ..ජිමින් අමාරුවෙන් අන්තිමට ගැට දෙක ගහ ගත්තා..

"හරී..ජේකේ..මං හදා ගත්තා..මේ..!" ජිමින් එයාගෙ අතේ එකක් දාගෙන සෝෆා එක උඩ හිටන් ඒක උඩ බම්ප් වෙවී ඇස් හීනි කර කර හිනා වුනා...

"කෝ මට.....?" ජේකේ ඒ හිනාව දිහා බලන් හිනා වෙවී ඇහුවාම ජිමින් ඒකෙන් බිමට පැන්නෙ හදිස්සියෙන්...

"කෝ අත දෙන්න...." ජිමින් ජේකේට හදපු එකත් උස්සන් ජේකේ ගාවට දුවන් එද්දි ජේකේ අත දික් කලා...හිනා වෙවී....

ඒත්..........

ජිමින් එයාගෙ ඇඟ හරහා ගියා..ජේකේ හැරිලා පුදුමෙන් පිටිපස්ස බැලුවා..

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now