° Page 45 ° - ° PJM

808 248 30
                                    


song recommendation -

Tum Hi Aana

( මං add කරලා තියන You Tube video song එක ඔය. Please ඒක අහන ගමන් කියවන්න..
Handsfree use කරනවා නම් තවත් හොඳයි..🥺 )


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමාරියව තල්ලු කාමරේකට තල්ලු කරපු නපුරු සහෝදරියෝ ඒක වහලා යන්න ගියා...
කුමරිය කෑ ගහලා ඇඬුවා..
මේ ටික දවසට වුන මතක ඇගේ හිත පෑරුවා...

ඒ වගේම රාක්‍ෂයා එයාගෙ කුමරිය බලාපොරොත්තුවෙන් තවත් බලන් හිටියා.

ඒත් කාලය......?

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

'අනේහ්..ප්ලීස් හියුන්...එයා බලන් ඉන්නවා...මං....එනකන්...එයා කිව්වා..මාව නැතුව ජීවත් වෙන්න බෑ කියලා..අනේ..කරුණාකරලා මට යන්න දෙන්න.....'

ජිමින් දොරට දිගටම අත් වලින් ගැහුවා..එයාගෙ සිනිඳු අත් තද රතු පාටට හැරිලා හිරි වැටිලා වගේ..එයාගෙ කෑ ගැහිල්ල වේදනාව මුළු මැන්ශන් එක පුරා රැව් දුන්නා වගේ...

ජිමින්ගෙ කටහඬ වෙව්ලලා ගියෙ තවත් වචන පිට නොවී..ඉදිමුන රෝස කම්මුල් ඇතුලේ හීනි දිලිසෙන නිල් ඇස් ගිලිලා ගිහින් වගේ...

ජිමින් දොර දිගේ ලිස්සලා ගිහින් බිම වැටුනෙ දොරටම හේත්තු වෙලා...පරණ මතක ගොඩක් එයා ඉස්සරහ මැවෙන්න ගත්තෙ එයාගෙ හිත එයාටම විහිළු කරලා වගේ...






ජේකේව මුලින්ම මුණ ගැහුන අඳුරු ලයිබ්‍රි එකේදි එයාව වැටෙන්න නොදී අල්ල ගත්ත විදිය..එයාට ජිමින් බය වුන විදිය........

.......ඔයා..ඔයා..! ඔයා රා..රාක්‍ෂයෙක්..! ඔයා බය හිතෙන රා..රාක්‍ෂයෙක්...ඈ..ඈතට යන්න...මගෙන්..අනේ......






එයා සීතලේ හිම උඩ හිටිය වෙලේ එයාව බදාන කෑ ගහපු හැටි ජේකේ....

.......ඒන්ජල් ඔයා ඇස් පියන් ඉද්දි මට බයයි...ඇස් අරින්නකෝ...මං වෙනුවෙන් ඇස් අරින්නකො....අනේහ්...

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now