° Page 38 ° - ° PJM

862 282 23
                                    


song recommendation -

Bol4 - To My Youth
( Korean Song )

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

රාක්‍ෂයා ආව දොර පැත්තට ම ඉක්මනින්ම ආයෙ හැරුනෙ එයාගෙ කට දෙපැත්තෙන් බේරෙන ලේ අතින් පිහන ගමන්..ඒත් එයා දන්නවා එයාගෙ පුංචි කුමරි ඒ ලේ දැක්කා කියලා..

රාක්‍ෂයා මාලිගයෙන් එළියට දිව්වා...සුදු රෝස වැටිය පහු කරලා අඳුරු වනාන්තරය ඇතුළට ම....

"ඇ..ඇඩම් ඉන්න...! ඇඩම්...!"

කුමරිය ඉස්සරහට අඩියක් තිබ්බා..එයාට මතක් වුනේ මිනිස්සු කියපු කතා....

'මිනී මස් කන රාක්‍ෂයෙක්...! ඒකලු ප්‍රියතම...! භයානක රාක්‍ෂයෙක්....'

"ඇඩම්....ඔබ..එලෙස නෑ නේද..?"

කුමරිය එයාගෙ වීදුරු සපත්තු වලින් හෙමින් රෝස උද්‍යානයේ අඩි තිබ්බා..

"ඇඩම්...මාව ඇහෙනවද..?මගෙන් හැංගෙන්න එපා..! "

"ඇඩම් එන්න එළියට....."

කුමාරිය වනාන්තරයට කෑ ගැසුවා..

ඒත් කිසිම ශබ්දයක් නෑ......
මූසල නිහඬකමක්.......

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"ජේකේ....මේ දොර අරින් නෑ නේද... ?"

ජිමින් ගොඩක් සංසුන්ව අවසාන වතාවට කතා කලා.ඒත් ජේකේගෙන් කිසිම සද්දයක් නෑ..

ජිමින් එයාගෙ ඉණ ගාවට උස පෝසිලේන් වාස් එක එයාගෙ චූටි අත් වලින් උස්ස ගත්තා..ඒක ගොඩක් බර නිසා එයාව වාස් එක එක්කම දෙපැත්තට විසි වුනා..

ජිමින් එයාට පුළුවන් උපරිම හයියෙන් ඒක ජේකේගෙ කාමරේ ඉස්සරහ වීදුරු ටයිල් පොළොව උඩ අතෑරියා...ජෝසන් කාලේ පරණ පෝසිලේන් මැටි මල් වාස් එක කෑලි කෑලි වලට මැන්ශන් එක පුරා දෝංකාර දෙන්න බිඳිලා ගියා..

" ජිමින්..!!! "

ජේකේගෙ දොර ඇරුණ වේගෙට ඒක ලොකු සද්දෙකින් බිත්තියෙ වැදුනා..

වාස් එකේ බිඳුන කෑලි දිහා හිස් බැල්මකින් බලන් ඉන්න ජිමින්ව දැක්ක ජේකේ ජිමින් ලඟට දිව්වා..ඒ එක්ක ම ජිමින්ව උරහිස් වලින් හැම පැත්තට ම හරවපු ජේකේ එයාගෙ බය වුන ඇස් වලින් ජිමින්ගෙ ඇඟෙ සීරිමක්වත් තියේද කියලා හෙව්වා...ඒ සිනිඳු හමේ ලේ ගැලීම් නෑ කියලා දැක්කම ජේකේ සැනසුම් සුසුමක් හෙලුවා.

"ජිමින්....! ජි...ජිමින් මගේ මැණික ඔයා මොකද්ද ඒ කලේ...? දන්නවද මං බය වුන තරමක් ? ද....දන්නවද මගෙ හදවත රිදෙන තරමක්...? ඔයා දන්නවද ඒන්ජල් මාව බිඳිලා ගිය තරමක්.....? මගෙ රෝස මල මං බය වුනා ගොඩක්....."

ජේකේ ජිමින්ව එයාගෙ පපුවට තද කරලා තුරුළු කර ගෙන කෑ ගහලා ඇඬුවා..ජේකේගෙ දරා ගැනීම එයාගෙන් ඈතට දුවලා...

ජිමින් මුළු කාලය පුරා ම බෝනික්කෙක් වගේ ජේකේ හරවන හරවන අතට එහෙම ම හිටියා.ජේකේ එයාව තුරුළට ගත්තා ම එයා ඒ උණුසුමේ ඇස් පියා ගත්තා...


ජේකේ.... ,

රෝස බෝනික්කා පිටින් නෙවෙයි ඇතුළෙනුයි කැඩිලා හිටියෙ..


●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now