° Page 18 ° - ° PJM

964 310 8
                                    


●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමාරිකාව රසවත් කෑම ගොඩක් කන්න පටන් ගත්තා..එයා දිහා රාක්‍ෂයා දුර ඉඳන් බලන් හිටියා..හිනාවෙන්...

කුමාරිකාව කෑමෙන් පස්සෙ මාලිගාවෙ ඇවිදින්න හිතා ගත්තා..ඉස්සෙල්ලම මාලිගා උද්‍යානයෙන් ...රෝස මල් එයාව වශී කරලා තිබුනෙ...එයා මාලිගාවෙන් එළියට ගියා...රාක්‍ෂයා ඒකෙන් ගොඩක් කලබල වුනා..එයාත් වේගෙන් කුමාරිකාවගෙ පිටිපස්සෙන් ගියා...

ඒත් බියුටි රෝස මල් පඳුරු ලඟ නතර වෙද්දි එයා සැනසුම් සුසුම් හෙළුවා....

ඒත් ඒ තත්පර කීපයකට විතරයි...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින් එයාගෙ පිරුණ බඩට අතක් තියාගෙන පුටුවෙ පස්සට හාන්සි වුනා..

මැන්ශන් එකේ පරණ කෞතුක වස්තුවක් වගේ තිබුන ලොකු බට්ටා ඔරලෝසුව වටේ එයාගෙ ඇස් කැරකුනා..බට්ටා පැද්දෙන තාලෙට ජිමින්ගෙ බෝල ඇස් එහෙ මෙහෙ ගියා...

"ටික් ටොක්..ටික් ටොක්..ටික් ටොක්...

ජිමින්ට කම්මැලියි....කෝ මේ ජේකේවත් නෑනෙ...."

ජිමින් මිමිණුවා..ඊළඟට එයා නැගිටලා ඇතුලෙ කාමර පිරුණ කොරිඩෝ එකකට එබුනා...

"රාක්‍ෂයාට කාමර ගොඩක් තියේනෙ...මගෙ ගේ කියලා හිතාගන්න කිව්වනෙ..මට ඒවා අරින්න අවසර ඕනි නෑ නේද...."

ජිමින් හෙමීට එක දොරකට කන තිබ්බා..

"ඇතුළෙ ලොකු කොටියෙක් හිටියොත් මොකද කරන්නේ...? "

ජිමින් මිමිණුවා...

"මං බේරගන්නම් එතකොට...ඔයා ඇතුළට යන්න ඒන්ජල්....මං ඔයා ලඟින්ම ඉන්නවා...."

ජිමින් ගැස්සිලා පිටිපස්ස හැරුනා.කටහඬ එයාට ගොඩක් ලඟින්ම ඇහුනත්.....

ම්හු...කවුරුත් නෑ......

ජිමින් ඔළුව දෙපැත්තට ගසලා එයාගෙ ඔළුවෙන් මනෝවිකාර අයින් කරන්න උත්සාහ කලා..ඊළඟට එයා හෙමීට දොර අරිද්දි කාලයක් ඇරුන් නැති දොර 'කිරි කිරි' සද්දෙන් ඇරුනා...

ජිමින් ඇතුළට යද්දි දැක්කෙ ලොකු ලයිබ්‍රියක්...එතන ජිමින්ටත් වඩා උසට වටේට හදපු රාක්ක වල පොත් දහස් ගාණක් පිලිවෙලට තියලා...පොත් වල සුවඳින් ලොකු හුස්මක් ගත්ත ජිමින් රවුම් ලයිබ්‍රිය මැද වටයක්ම කැරකුනා..

"දෙයියනේ මේකෙ ලොකු......සේරම වටින පොත්...."

ජිමින් ගිහින් රාක්ක බලද්දි ඒවා හරිම පරණ වගේම වටිනා පොත් කියලා දැක්කා.....එයා ඇඟිලි වලින් ඉස්සිලා උඩ රාක්කෙක පොත් ගන්න හැදුවා..

"උස මදි....." ජිමින් මූණ බෙරි කරන් මුමුණලා ලඟ තිබුන ස්ටූල් එක ඇදලා රාක්කෙට තිබ්බා..

ඒත් ඒ පරණ ස්ටූල් එක ඒ වෙද්දි දිරලා කියලා ජිමින් දන්නෙ නෑ....

"මගෙ ඒන්ජල්...........එපා..!"

●●●

අදට ඇති නේද...💞

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now