° Page 29 ° - ° PJM

977 292 36
                                    

song recommendation -

2U - Jeon Jungkook ( BTS )

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          
රෝස පෙති දිය කරපු රෝස වතුරෙන් කුමාරිකාවගෙ කකුල් තෙමපු රාක්ෂයා එයාට ඉක්මනට හොඳ වෙන්න පැතුවා..

තවත් කරන්න දෙයක් නෑ නේද....

රාක්‍ෂයා එතනින් යන්න නැගිට්ටෙ මේ වෙන කොට එයා තීරණයකට ඇවිත් තිබුන නිසා...

'කුමරිය මුදා හරින්න ඕනි..මගෙ පුංචි සුරංගනාවිව හිර කරන් ඉන්න මට  බැහැ...'

ඒත්.....කුමාරියටත් ඕනි ඒකද.....

එයා රාක්‍ෂයාගෙ අතින් අල්ල ගත්තා..රාක්‍ෂයා නැවතිලා ලොකු හුස්මක් යැව්වා...

"කුමරිය ආපසු යන්න...මං ඔබට නිදහස දෙනවා..."

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          

ජිමින් හෙමින් ඇස් ඇරියා..එයාගෙ දිග ඇස් පිහාටු කීප සැරයක් ගැහුවා..ඉස්සෙල්ලම එක ඇහැක් ඇර ගත්ත එයා වටේම බැලුවා..එයාට ලොකු උණුසුමක් දැනුනා....

ජිමින් හිටියෙ තාමත් ජේකේගෙ පපුව මත...එයාට වේගයෙන් ගැහෙන හදවතක් දැනෙද්දි එයා ඇස් ලොකු කරලා ජේකේ දිහා බැලුවා..ඒ වෙනකොටත් ජේකේ එයා දිහා බලාන..

තාමත් Masquerade එකට වැහුන ඒ ඇස් ගොඩක් දිළිසුනත්, ඒ ඇස් වල තාමත් වේළුනේ නැති කඳුළු වගේම දුක ජිමින් හොඳටම දැක්කා..ඒ ඇස්, ඒ ගැහෙන පපුව, ඒ උණුසුම ජිමින්ව ගල් කලා වගේ...

ජේකේ දිහා ජිමින් එක දිගට බලන් ඉන්නැද්දි ජේකේ එයාව පරිස්සමට ඇඳේ අනිත් පැත්තෙන් තිබ්බා..ඒත් ඒ චූටි ඇඟිලි ජේකේගෙ ෂර්ට් එක තදින් ගුලි කරලා අල්ලන් හිටියෙ...ජේකේ ඒ අත් දිහා බලන් ඉඳලා ඇඟිලි එකින් එක ෂර්ට් එකෙන් මුදා හැරලා ඇඳෙන් නැගිට්ටා...

එයා තව පාරක් ජිමින් දිහා බලලා කාමරෙන් එලියට ගියා..ජිමින් තාමත් බලන් ඉන්නවා ලොම් කබාය අතරෙ හැංගිලා...

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now