° Page 43 ° - ° PJM

842 268 22
                                    

song recommendation -

Spring Day - ( BTS )

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

පුංචි කුමරිය එයාගේ චූටි කාලේ ඉඳන් ජීවත් වුන නිවස දැක්කම නිම්හිම්  නැති සතුටකින් පිරිලා ගියත් හිතේ කොනක ලොකු හිස් තැනක් ඉතිරි වෙලා තිබුනා..

එයා රාක්‍ෂයා දුන්න පුංචි මුදුව එයාගෙ සිහින් ඇඟිල්ලට කොච්චර ගැලපෙනවද කියා සිනාසුනා.

'බියුටි..ඔබට තියෙන්නෙ එක දිනයයි.හෙට මේ වෙලාවට ම එන්න කුමරිය.ඔබ ඔය මුදුව ඇඟිල්ලෙහි තුන් වරක් කරකවන්න.එවිට ඔබ මෙහෙ සිටීවි...'

පුංචි කුමරිය රාක්‍ෂයාගෙ වචන මතක් කරලා නිවස තුලට දුවන් ගියා..ඇගේ කාලය සීමිතයි...

ඇය යා යුතුය නැවත..

අනිවාර්යයෙන්ම...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●


ජිමින් කා එකෙන් බැහැලා එයාලාගෙ මැන්ශන් එක ඉස්සරහ හිටන් හිටියා..

එයා වෙව්ලන චූටි ඇඟිලි එකින් එක දිග ඇරලා චූටි කොළ කෑල්ල ආයෙමත් දිග ඇරියා.ජිමින්ගෙ අතේ තද වෙලාම දිය වෙන්න ලඟ අකුරු බොඳවෙලා තැලිලා  ගිය කොළ කෑල්ල ජිමින් සිය වෙනි පාරටත්  කියවන්න ගියා...


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

බට්ටිච්චෝ...
ඔය රාක්‍ෂයාට හොරෙන් ආයෙත් එන්න.
ඔයා ආවෙ නැත්තම් අපි දෙන්නා
ඔය රාක්‍ෂයා මරලා හරි ඔයාව ගන්නවා.
බය වෙන්න එපා..
අප්පා අසනීපෙන් එයාගෙ චිමිව හොයනවා..

___Te___

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



ජිමින්ට මතක් වුනේ දවස් දෙකකට කලින්  උදේ ජේකේ බ්‍රෙක්ෆස්ට් හදන්න ගියාම එයාව ගැස්සිලා ඇහැරුන විදිය.....

එයාගෙ එහා පැත්තෙ කොළ කෑල්ලක් නවලා තිබුන විදිය...

ප්‍රංශ ජනේලේ සුදු දුහුල් තිර රෙදි වේගෙන් පා වුන විදිය..

ඒ කොළ කෑල්ල කියවද්දි එයා ගැස්සුන විදිය...

එදාම රෑ එයා ළඟ ජේකේගෙ උණුසුම නෑ කියලා දැනෙද්දි එයා කොච්චර බය වුනාද.. ජේකේ ලේ පෙරාගෙන එද්දි ජිමින් ඇතුළතින් මොන තරම් මැරුනද.....

එයාට ජේකේට සේරම කියන්න ඕනි වුනත් එයාට අහගන්න පුළුවන් වුනේ...

'තුවාලද ඔයාට...' කියලා..

එයා ජේකේට කොළේ ගැන  කිව්වොත් එයාගෙ පවුලෙ අයට කරදර වෙයි  කියලා ජිමින් බය වුනා..මොකද ජේකේ JJ මාෆියා නායකයා..

ජේකේ කාමරේට ගිහින් දොර වහ ගත්තා ම ජිමින් දොරට ගගහා පිස්සුවෙන් කෑ ගැහුවා..ඒත් එයා එන්නෙ නැති වෙද්දි එයා පෝසිලේන් මැටි බඳුන බිඳලා දැම්මා.කොහොමත් එයාවත් බිඳිලා ගිහින් තිබුනේ...එයා ජේකේව එයාට පේන දුරින් හැමවෙලාවෙම තියා ගත්තා..එයා ගොඩක් බය වුනා ම එයා ජේකේගෙ පපුවට කන තියන් හැම තිස්සෙම ඒ හුස්ම සද්දෙ අහන් හිටියා..


එයා ජේකේට ආයෙ ආයෙත් පොරොන්දු වුනා එනවා කියලා..මොකද එයා දන්නවා ජේකේ නැතුව එයාගෙ හදවත ගැහෙන නෑ කියලා...

ජිමින් ජේකේට අනතුරක් වෙයි කියලා ගොඩක් බය වුනා..එයා දන්නවා එයාගෙ නපුරු සහෝදරයො දෙන්නා ගැන හොඳටම...ජේකේට කරදරයක් කලොත්..

නෑ.නෑ....ඒම වෙන්න දෙන්න බෑ...ඒ නිසා එයා තීරණයක් ගත්තා.

'මං අප්පා ගාවට යනවා..!  අප්පා මාව තේරුම් ගනී..මට ජේකේ ළඟට යන්න අවසර දෙයි...සේරම හොඳින් වෙයි...ඉවසන්න ජේකේ...මං එනවා..'

එයා මැන්ශන් එකෙන් එලියට යද්දි ආයෙ ජේකේ දිහා බැලුවෙ නෑ..එයා දන්නවා ඒම කලා නම් එයා අදහස වෙනස් කරන් ආයෙ දුවලා ඒ පපුවෙ තුරුළු වෙනවා කියලා....ඒත් එයාට බෑ....

ඉතිං එයා ජේකේගෙන් ඈතට ආවා..
එයාගෙ හදවත ජේකේ ලඟ තියලා......
ජේකේගෙ උණුසුම...
ජේකේගෙ ඇස්....
ජේකේගෙ වචන.......

එයාගෙ මුළු ලෝකෙම ජේකේම වෙලා.ජිමින්ගෙ ජේකේගෙ අඬන කඳුළකට ඊට වඩා සිය පාරකට වඩා ඇඬුවා..ඒ රෝස තොල් හපාන අඬලම ඒවා පුපුරලා ගිහින් ලේ බිංදුත් රැඳුනා..


'ජේකේහ්...ඒන්ජල් අඬනවා...ඔයාගෙ ඒ....න්ජල් හොඳටම..අඬනවා....ජන්කුක්......කෝමද...ඒ...ඒන්ජල් ඉන්නෙ..දවසක්වත්...කියන්නකෝ....ජේ..කේ...'


●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now