° Page 33 ° - ° PJM

938 286 51
                                    


song recommendation -

Star by Kang Minhyuk
Korean song
Heartstrings - (Kdrama)

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

"කුමරිය ඒකට කමක් නෑ..ඔබ සිතන්න කාලය ගන්න..."

රාක්‍ෂයා මෘදුව පුංචි බියුටිගෙ කෙහෙරැල් නළලින් පැත්තකට කලා..කුමරිය ඔහු දෙස බලා මදක් සිනහ වූයේ ඇත්තෙන්ම රාක්‍ෂයා ඇයව තේරුම් ගත් නිසා.

"මං ඔයාට කොහොමද කතා කරන්නෙ..?"

කුමරිය සිනහවෙන්ම අහද්දි එයාගෙ ඇස් දිළිසුනා..

"මගේ රෝස මල කැමති විදිහක්..ඒත් මගේ නම ඇඩම්.."

"ඇත්තටම? " කුමරිය ඇස් ලොකු කරන් ඇහුවා...

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජේකේ ජිමින්ව වඩාගෙනම ගෙනිහින් ඇඳේ හාන්සි කලේ ජිමින් එයාගෙ ඇස් දිළිසෙන්න හිනා වෙද්දි..ජේකේ එයාව මල් පෙත්තක් වගේ ඇඳෙන් තියන්න ගියත් ජිමින් බෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා..

"කලින් වගේ මාව තියා ගන්න ප්ලීස්.."

ජිමින් ජේකේගෙ ෂර්ට් එක තදින් අල්ලන් චූටි ඇඟිලි වල හිර කර ගෙන හිටියෙ.

"ඔයා එහෙම ඉන්න ආසද...?"

"ගොඩක්..."

ජිමින් එයාගෙ හීනි ඇස් රතු වුන කම්මුල් වල ගිලිලා ඉරක් වෙන තරම් හිනා වෙලා කිව්වා.

ජේකේ දන්නවා ඒ එයා දැක්ක ලෝකෙ තියන ලස්සනම හිනාව කියලා.එයා විශ්වාස කලා ඒ හිනාවට ඕනිම කෙනෙක් සතුටින් තියන්න පුළුවන් කියලා..

ජේකේ ජිමින්ව බිමින් තියලා ඇඳට නැගලා ඇඳේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙන ගමන් එයාගෙ තුරුළට එන්න කියන්න ජිමින්ට අත් දෙක දික් කලාම ජිමින් ඉක්මනට ඒ අත් අතරට පැන්නා.

ජේකේ හිනා වෙන ගමන් එයාව ලොම් කබාය එක්කම බෝලයක් වගේ පපුව උඩට ගනිද්දි ජිමින් හිනා වෙලා ජේකේගෙ උරහිසේ කම්මුල් තියා ගත්තා..

"දැන් හරිද..." ජේකේ ජිමින්ගෙ ගෝල්ඩ් කලර් කෙස් උඩම එයාගෙ කම්මුල් තියන් මිමිණුවා.එයා ඕනිවටත් වැඩිය ඒ හැඟීම වින්දා...

"ම්හු...." ජිමින් ඔළුව ආයෙ දෙපැත්තට වැනුවෙ නෑ කියන්න..ජේකේ ඔළුව උස්සලා ජිමින් දිහා බැලුවා..

"නැද්ද..?"

"නෑ..තාම සීතයි..." ජිමින් ඇස් බෝල කරන් තොල් උල් කරලා කිව්වා..

"එහෙමද ඉතිං මොකෝ කරන්නෙ..?" ජන්කුක් ජිමින්ගෙ චූටි නහයට තට්ටුවක් දැම්මෙ හිනා වෙවී..එයාගෙ හුරතලේ....

ජිමින් හිනා වෙලා සම්පූර්ණයෙන් ලොම් කබාය අස්සට ගිහින් වහ ගත්තා..

"ජිමින්..ඒන්ජල් මොකෝ කරන්නෙ.." ජන්කුක් ජිමින් එයාගෙ ඇඟ උඩ ලොම් කබාය අස්සෙ මොකද කරන්නෙ කියලා කල්පනා කලා..

ඒත් ටිකකින් එයාට දැනුනා එයාගෙ ලොකු ටී ෂර්ට් එක ඇතුළෙන් උඩට බඩගාන පුංචි අත්...

ජිමින් ජේකේගෙ ලොකු ටී ෂර්ට් එක ඇතුළෙන් රිංගලා ඇවිත් ඒ ටී ෂර්ට් කරෙන්ම ඔළුව එළියට දාලා ජේකේ දිහා බැලුවා...

ජේකේ හිනා වෙනවා..ගොඩක් ලස්සනට...ජිමින් දිහා බලන්ම....සතුටු කඳුළු ජේකේගෙ ඇස් බොඳ කලා..

"දැන් හරි..."

ජිමින් හිනා වෙවී කියලා ජේකේව බදාන පපුව උඩ ඔළුව තියන් ඒ උණුසුමේ ගුළිවෙලා නින්දට වැටුනා..

ජේකේ දන්නවා මේ මොහොතෙ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙන කෙනා එයා කියලා.

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now