° Page 34 ° - ° PJM

913 279 31
                                    

song recommendation -

Life Goes on - ( BTS )

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

කුමරියගෙ දෙසට දෑත දිගු කල රාක්‍ෂයා දණහිසක් නමලා නැටුමට ආරාධනා කලා..

පුංචි කුමාරිය එයාගෙ දිග දිළිසෙන කහ පාට ගවුමෙ දෙපසින් අල්ලා නැමිලා ආරාධනය පිළිගත්තෙ හිනා වෙවී..

"මගේ පුංචි කුමරිය..මා එක්ක නටනවද  රතු රෝස මල ?"

"ඔව්..මගෙ කුමරුනි...."

කුමාරිය එයාගෙ අත රාක්‍ෂයාගෙ ලොම් පිරුණ අත මත තියද්දි රාක්‍ෂයා එයාගෙ අත අල්ලන් අනිත් අත කුමරියගෙ පුංචි ඉණෙන් තිබ්බා..කුමරිය එයාගෙ නිදහස් අත රාක්‍ෂයාගෙ උරහිසෙන් තියා ගත්තා.

එයාලා මාලිගාවෙ මධ්‍යයේ විශාල කලාලය මත එකිනෙකා දෙස ආදරෙන් පිරුණ ඇස් වල ගිලෙමින් නැටුවා.

නිකන්ම වැයෙන සංගීත භාණ්ඩ එයාලාට තාලෙ සැපයුවා.

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●

ජිමින්ගෙ තොල් රෝස සිරප් වගේ කෙල වලින් දිළිසෙන හැටි ජේකේ බලන් හිටියා.ජිමින් හිටියෙ තද නින්දෙ..

එයාගෙ පපුව උඩ කළු ලොම් කබාය අස්සෙ හරිම චූටියට ගුලි වෙලා හිටිය ජිමින්ව උස්සලා ඇඳෙන් තිබ්බ ජේකේ  ටී ෂර්ට් එකෙන් අයින් වෙලා ඒක ජිමින්ටම ඇන්දුවෙ උණුසුම රන්දන්න..

ජිමින්ගෙ අත් අතරින් ප්ලූෂි එකක් තියපු ජේකේ ලොම් කබායත් හරි ගස්සලා ඩුවට් එකත් ජිමින්ගෙ බෙල්ල ලඟටම පෙරෙව්වෙ ප්‍රංශ ජනේලෙන්  එළියෙ පතනය වන හිම කැට වල පහසක්වත් ජිමින්ට නොවදින විදිහට..
අන්තිම පාරටත් ලෝබකමින් එයාගෙ සුරදූතයා දිහා බලපු එයා කාමරෙන් ගියෙ රෝස මලට කෑම හදන්න..

ඒත් පැයක් යන්නත් කලින් ජිමින් එයාගෙන් නැති වුන උණුසුම හොයන් ඇස් ඇරියා..ඒත් ජේකේ ඇඳේ නැති වුනාම එයාගෙ මූණ බෙරි වුනා..

ජිමින් බිම වීදුරු ටයිල් උඩින් අඩිය  තියලත් ඒවා ආයෙ ගත්තෙ ඒක හරියට අයිස් උඩ ඇවිදිනවා වගේ හින්දා..ඒත් එයාට ජේකේ හොයා ගන්න ඕනි නිසා එයා බිමට බැහැලා ජේකේව හොයන් කිචන් එකට ගියා.

ජේකේ දැක්කෙ ඇස් අත් වලින් පොඩි කර කර එයා දිහාට හෙමින් ඇවිදන් එන ජිමින්ව.එයා තාම අඩ නින්දෙ හිටියෙ කියන්න දෙපැත්තට වැනුනා.ජේකේගෙ ලොකු ටී එකේ දිග අත් වලින් ජිමින්ගෙ බෝල ඇඟිලි විතරයි පෙනුනෙ..ඒ ඇඟිලි තුඩු සීතලට ගල් වෙලා.ජේකෙගෙ ටී එක ජිමින්ගෙ දණිස්සට චුට්ටක් උඩට එන්න දිගයි..

ජේකේ හිනා වෙවී ගිහින් ජිමින් ඉස්සරහින් හිට ගත්තම ඇස් පියාන වගේ ආව ජිමින් ජේකේගෙ පපුවෙ නළල වද්දගෙන පස්සට විසි වුනත් ජේකේ එයාගෙ ඉණ වටෙන් අත දාලා ඇදලා අරන් ජිමින්ගෙ මූණට පිම්බා..


"ස්ස්ස්ස්ස්ස්....සීතලයි...."


ජේකේගෙ සීතල හුස්මට ජිමින් වෙව්ලලා ගියා..ජේකේ එයාගෙ අත් දෙක එකට අතුල්ලලා ජිමින්ගෙ කම්මුල් වල තිබ්බා..ජිමින්ට ඒකෙන් උණුසුමක් දැනුනා..එයා හිනා වෙවී ජේකේගෙ බෙල්ල වටේ ඇස් පියන්ම අත් දැම්මෙ වඩා ගන්න කියන්න..එයාට ඒ උණුසුමේ නිදියන්න ඕනි වුනා..තව ගොඩාක් වෙලා....

ජේකේ එයාව හිනා වෙවී වඩා ගත්තම ජිමින් ජේකේගෙ උරහිසේ නිදා ගත්තා..
කෝලා පැටියෙක් වගේ එල්ලිලා ඉන්න ජිමින් එක්ක ජේකේට චොක්ලට් කේක් එක decorat කරන්න අමාරු වුනත් එයා පුදුම තරම් සතුටින් හිටියෙ..




එයාගෙ වටිනාම දේ එයාගෙ හුස්ම වදින දුරින්.....



●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now