° Page 20 ° - ° PJM

982 313 15
                                    

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
         
කුමරිය ළඟින් ඉක්මනට ඈත් වුන රාක්‍ෂයා අඩියෙන් අඩිය පස්සට ගියා..එයා එයාගෙ පුංචි බියුටිව බය කරන්න හිතුවෙ නෑ...ඒත් එයාට එයා රාක්‍ෂයෙක් කියලා අමතක වුනා...

ආයෙ කුමරිය ඉස්සරහට නොයන්න හිතන් රාක්‍ෂයා එයාගෙන් ඈත් වෙලා යන්න ගියා..

PJM

●•●•●•●•●•●• ♡ •●•●•●•●•●•●
          

ජේකේගෙ මුහුණ හරහා කැපුම් පාරවල් දෙකක ලකුණු තිබුනා.ඒවා ගොඩක් ගැඹුරට කැපිලා තිබුනෙ ඇස් යාන්තම් බේරමින්..ඒ එක්කම තද කළුපාටින් දිලිසෙන ඇස් ජිමින් දිහාටම යොමු වෙලා තිබුනා..අනිත් එක එයාගෙ ටැටූ සීයක් විතර ගහපු පපුව වගේම අත් ඒ ඇඳන් හිටිය ඇඳුමට නිරාවරණය වෙලා තිබුනා.

ජිමින්ගෙ හදවත බයෙන් ගැහුනෙ ඒ දේවල් වලටමත් නොවුනත් ඒකෙනුත් පොඩ්ඩක් බය වුනා..

ජිමින් ඇත්තටම බය වුනේ ජේකේට කියන්නෙ කවුද කියලා අඳුන ගත්ත හින්දා...

ඔව් ඒ හිටියෙ එයාමයි...

J J මාෆියා කල්ලි නායකයා.!

හැමතැනම පෝස්ටර් ඇලවුන මාෆියා නායකයා.ජිමින්ට මතක් වුනේ එයා ඉන්න තැනම යුන්ගි , ටේ එයා ගැන කතා කරපුවා..

"එයා මහ මැරයෙක්..මිනිස්සු මරන්නෙ හිතුන හිතුන විදිහටලු.."

"ඔව්...එයාව දැක්ක කෙනෙක් නෑ...එයා දැක්ක කෙනෙක්ට ජීවත් වෙන්න බෑලු තත්පරයක්වත්...."

ජිමින් එතනම බිම ඉඳන් අඬන්න පටන් ගත්තා..එයා කල්පනා කලේ ඇයි සේරම එයාටම වෙන්නෙ කියලා..ජිමින් ඇති වෙනකන් ඇඬුවා..

ජේකේට මොන තරම් එයාව සනසන්න ඕනි වුනත් එයා ජිමින් දිහා බලන් එයා එක්ක ම තනියම ඇඬුවා..ජේකේ ආයෙ ජිමින් ඉස්සරහට නොයන්න තමන්ටම ප්‍රොමිස් වුනා....

මොකද ජිමින්ගෙ ඇස් වලට එයා රාක්ෂයෙක්...! අමානුෂික...!

●●●

Beauty And The Beast [▪︎COMPLETED▪︎]Where stories live. Discover now