The end of Eclipse

1.4K 217 99
                                    

"ඔය කතාව ඇත්තම කතාවක්ද එලීනා......

පන්තියෙ ඉස්සරහ ම පෝලිමේ හිටපු කෙනක් අහද්දි නිල් ඇස් එක්ක ආදරේ හිතෙන බොක්සි හිනාවක් තියන කෙනා හිමීට ඔලුව වැනුවා..

"එතකොට උරුමක්කාරයා ට ආයෙම කිරුල හම්බුනෙ නැද්ද...

තව කෙනෙක් අහද්දි එලීනා පුංචිත්තා ලගට පාත් උනා..

"ඔයා හිතන විදියට ටේහියුන් ට හුගක්ම වටිනවා ඇත්තෙ කිරුලද එහෙමත් නැත්නම්....

"එයාගෙ ප්‍රිම් රෝස්ව....

පුංචි පැටියෙක් කෑගහද්දි එලීනා ආයෙම හුරතල් විදියට ඔලුව වැනුවා..

"එයා පුංචි කාලෙ ඉදන්ම හුගක්ම දුක් වින්දා...අන්තිමට එයාට පුංචි රෝස මලක් හම්බුනා...

"ඒත් ටේහියුන් එවුන්ජන් ව ඒවෙලාවට විතරක් බැන්දනම් සමහරවිට ටේහියුන් අතින් ඒ තරම් විනාසයක් නොවෙන්න තිබුනා...

පුංචි කෙල්ලෙක් කියද්දි නිල් ඇස් තියන වැඩිමහල් ගෑනු ලමයගෙ ඇස් හීනී උනා..

එයා ඉක්මන් අඩි තියලා ගුරු මේසෙ ලගට ගියා..ඇය කැමතිම පොතක් ඇතුලෙ තිබ්බ වේලුන දෙයක් ඇය අතට ගත්තා..

"ඉතින් රෝසි...ඔය කැමති වේලුනු මල් වලටද , අලුත් මල් වලටද....

"ඇයි අපි වේලුන මල් වලට කැමති වෙන්නෙ එලීනා....

"හැමෝම කැමති අලුත් රෝස වලටද එහෙනම්....

"නැ..මං හිතන්නෙ මං කැමති වේලුන රෝස මලට එලීනා...

"ම්ම්..ඒ ඇයි නෝවී..

"වේලුන රෝස් මල් සදාකාලික යි..

"ඇත්ත...වේලුන රෝස මල් සදාකාලිකයි...අපි ජීවත් වෙලා ඉන්නකම්...නැවුම් රෝස මල සුන්දරත්වයෙන් සුවදෙන් පිරිලා තිබ්බත් මතකයන් වලින් පිරිලා නෑ......ඔයා පරිස්සම් කරන වේලුන මල ඇතුලෙ ඔයාගෙ මතකයන් පිරිලා තියනවා..සමහරවිට ඔයාට විතරක් විශේශ සුවදවල් පවා...මිනිස්සු හරි ලෝභයි මතක වලට...

"මිනිස්සු ආදරේදිත් ලෝභයි නේද මිස් කිම්....

"ඔය එහෙම හිතනවද නෝවී...

"මං හිතන්නේ ඔව්....

"මං හිතන්නෙ නම් එහෙම නෑ..මිනිස්සු ආදරේදි තමයි හුගක්ම පරිත්‍යාගය කරන්නේ.....ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ඇත්තම ආදරේ හොයාගත්තද කියන එක...

Bite me |taekook Where stories live. Discover now