bite me chapter 26

1K 252 74
                                    

ජන්කුක් ඇහැරුනෙ දොරට හයියෙන් ගහන සද්දෙන්.එයා නැගිටලා බලද්දි එහා පැත්තෙ ඔම්මවත් ජිමින්වත් අප්පවත් හිටියෙ නෑ..

දොරට ගහන සද්දෙ නතර නොවුන නිසා ජන්කුක් ඇදෙන් බැහැලා දොර ඇරියා.දොර ලග හිටගෙන හිටියේ ඇගෙ ලේ පෙරාගත්ත නාරී.

"ඔ...යා...ඔ...යා...

ජන්කුක් ට තේරුනා එයාට බයටම කතාකරන්නවත් බෑ කියලා ,නාරි ආන්ටිගෙ පිටිපස්සෙන් ලේ පෙරන් ඉන්න එයාගෙ ඔම්මයි අප්පයි ජිමිනුයි දැකලා ජන්කුක් කෑගහන්න උත්සාහ කරත් එයාට ඒක වත් කරගන්න බැරි උනා.

"ඔම්මාහ්....

ඇස් වල කදුලු පුරවගෙන ජන්කුක් කෑගහගෙන නැගිටිද්දි නින්දෙ හිටිය ඔම්මා වගේම ජිමිනුත් ගැස්සිලා ඇහැරුනා.

ජන්කුක් හයියෙන් කෑගගහ ඔම්මට තුරුල් වෙලා එකපාරට අඩන්න ගනිද්දි ජිමින් ඇස් පිහිදන ගමන් ටේබල් ලෑම්ප් එක ඔන් කරා.

"බේබි..ඔම්මා මෙතන ඉන්නවනේ..කෝ දෙයියනෙ මගෙ කුකී මොකද රත්තරං මේ අඩන්නේ මෙච්චර හයියෙන් ....

තමන්ගෙ ඇදුම පවා කදුලු වලින් තෙමිලා යද්දි එවුන් ජන්කුක් ව බදාගත්තෙ ජන්කුක් අඩන සද්දෙ නිසා එයාගෙ ඇස් වලටත් එකදිගට කදුලු පිරෙද්දි.

"ඔම්මා...ඔම්මා...මාව දාලා යන්න එපා..අනෙ කුකීට තනියෙන් ඉන්න බෑ ප්ලීස්...ලේ එපා...

"මෝචි එයා හීනෙන් බයවෙලා...

එවුන් ජන්කුක් ගෙ කදුලු මූන ඉබින ගමන් බයවෙලා ඉන්න ජිමින්ට කියද්දි ජිමිනුත් නිදිමතෙම ගැහෙන ජන්කුක් ගෙ ඔලුව අතගාන්න ගත්තා..

"කෝ අප්පා..

ඔම්මා එතකොටයි දැක්කෙ එහා පැත්ත හිස් කියලා..ජන්කුක් අඩන ගමන්ම ඔලුව උස්සලා ඇදෙ ඒ පැත්ත බැලුවා.

"අ...ප්පා...අප්පා කෝ..අනෙ අප්පා...ඔම්මා අප්පා නෑනි...අනෙ ඔම්මා..අප්පට එන්න කියන්නකො..අනෙ ප්ලීස් ප්ලීස් ජිමිනි ප්ලීස් අනෙ ඔම්මා ප්ලීස්....

ජන්කුක් ආයෙම අඩන්න ගනිද්දි එවුන්ට මොකක් කරන්න ඕනිද කියලා හිතාගන්න බැරි උනා.ඒකත් මේතරම් ජන්කුක් බයවෙන හීනෙ මොකද්ද...ජන්කුක් බයෙන් ගැහෙන්න තරම්...

Bite me |taekook Where stories live. Discover now