bite me chapter 7

1.2K 281 80
                                    

කලින් චැප්ටර් එකට ඇත්තටම සොරි..මං ඒක ආයෙ ලියන්නෙ නෑ,මෙතන ඉදන් අවුලක් නොවෙන්න ගෙනියන්නම්..

"එයා යක්ශයෙක්ද?මං කියන්නෙ ඔයාට ශුවර්ද?

යුන්ගි ඇහුවෙ ටේහියුන්ගෙ නලලෙ තිබ්බ තුවාලෙ දිහා බලලා.

"අපිට වවුල්ලු කියන්න තරම් හයියක් තියෙන්නෙ වෙන කාටද හියුන්ග්?

"එතකොට ජන්කුක් ?ඇයි උන් ජන්කුක් පස්සෙන් ආවේ?

" මං ඒක දන්නෑ නෑ..මං හිතන්නැ ජන්කුක් උනත් ඒක දන්නවා ඇති කියලා ...

ටේහියුන් සෝෆා එකෙ ඉන්න ජන්කුක් දිහා බලන් කිව්වා.ටේහියුන් ජන්කුක්ව අරන් ආවෙ ටේහියුන් ගෙ මැන්ශන් එකට.කොහොමත් මේක ජන්කුක්ට නුපුරුදු තැනකුත් නෙමේනෙ.ඇරත් ටේහියුන් වැම්පයර් කෙනෙක් නිසා ජන්කුක්ව මැන්ශන් එකට ගෙනියන්න ටේහියුන් ට මහ අමාරුවක් උනෙත් නෑ.

"මේ කොල්ලට කොහොමද ඒ දේවල් මතක තිබ්බෙ?අනික අපිට මේකාව මැන්ශන් එකෙ තියන්න බෑ..කරන්න ඕනි මොකද්ද කියලා තමුසෙ දන්නවනෙ ටේහියුන් ?

යුන්ගි අහද්දි ටේහියුන් ඔලුව වැනුවා.ජන්කුක්ව මරන්න කියලා යුන්ගි නොකියා කියන්නෙ කියලා ටේහියුන් දැනන් හිටියා,

"එහෙනම් ඇයි ඒක නොකලේ?

යුන්ගි ආයෙම අහද්දි ටේහියුන් ගොලු උනා.ඇත්තටම ටේහියුන් උනත් දන්නෑ ඇයි එයා ජන්කුක් ව මැරුවෙ නැත්තෙ කියලා .

"මං එයාව අරන් ආවෙ යක්ශයෝ එයාව අරන් යන්න හදපු නිසා..අපි දැනගන්න ඕනි නැද්ද ඇයි උන් මේකා පස්සෙ පන්නන්නේ කියලා.."

"සමහරවිට වැරදීමක් වෙන්න ඇති,ඒත් ජන්කුක් කියන්නෙ මනුස්සෙක් කිම් ටේහියුන් ,මිනිස්සු කොහොමද මෙහෙ ඉන්නේ,තමුසෙට ඒක පුලුවන් උනාට මට ඒක අමාරුයි "

යුන්ගි කිව්වෙ කේන්තියෙන් .කලිනුත් එයා අතින් වැරදීමකින් ලේ බීපු කෙනා ගැන යුන්ගි හිටියෙ සෑහෙන්න කලකිරීමෙන්

"ආහ්..මං දන්නෑ මට එයාව මරන්න හිතෙන්නෑ හියොන්ග්..

"එහෙනම් මේ කරදරකාරයගෙ වගකීම තමුන්ම බාරගන්නවා..මේකා ආයෙ මේ මැන්ශන් එකෙන් එලියට ගියොත් එදාටත් තමුසෙ ආයෙම ප්‍රසිද්ධ වෙයි..

Bite me |taekook Where stories live. Discover now