bite me chapter 5

1.3K 267 129
                                    

"මං හිතුවෙ නෑ එයාලා අපිව එහෙම පන්නයි කියලා ජිමිනී..

ජන්කුක් කිව්වෙ එයාලා හිටිය හොස්පිට්ල් එකට දිව දික් කරලා.

"මෙන්න මෙහෙ එනවා යන්න...තමුසෙ නිසා මං හැමදාම මිනිස්සු ඉස්සරහ ලැජ්ජා වෙනවා..ආහ් මගෙ බෙල්ලත් රිදෙනවා...

ජිමින් ප්ලාස්ටර් කරලා තියන බෙල්ල අල්ලගෙන ජන්කුක්ට කෑගැහුවා.

"ඇත්තටම එතන රිදෙනවද ජිමිනි..ඇයි අපි දෙන්නට මොකුත්ම මතක නැත්තේ..කැලේ වෙච්ච කිසිම දෙයක් මතක නෑ..ඒත් මොනවහරි ලොකු දෙයක් අමතක වෙලා වගෙ මට තේරෙනවා..

ජන්කුක් කිව්වෙ ජිමින්ගෙ අත අල්ලගෙන.ජිමින් ගෙ තුවාලෙ රිදෙනවා කියලා දැනුන නිසා අපෙ ජන්කුකී හිටියෙ ජිමින් ගැන දුකින්.

"මටත් එහෙමයි..පොලිසිය අපි දෙන්නා දිහා බැලුවෙ හරියට පිස්සො දෙන්නෙක් දිහා බලනවා වගේ..මතක නැත්තන් ඉතින් මවලා කියන්නවැ...

"ඕනි මගුලක්....එයාලා කිව්වා මගෙ වයිෆිව පොලිසියට ඇවිත් බාරගන්න කියලා..අපි පොලිසියට යනවද,මෙහෙම්ම ගෙදර යනවද ජිමිනි..

"අපි ගෙදර යමු කුක්..අනික අම්මලා දෑනගත්තොත් අපි දෙන්නගේ කකුල් දෙක ගලවලා බාල්කෙක එල්ලයි..

"ආහ්...එයා හැමදාම කියනවා මගෙ වම් කකුලයි ඔයාගෙ දකුනු කකුලයි එල්ලනවයි කියලා..ඒත් කවදාවත් එයා එහෙම කරාද නෑනෙ නෑනේ....

"ආහ්..ඕනි දෙයක් මට හොදට නිදාගන්න ඕනි දැන්...හරියට දහයකගෙන් ගුටි කාලා වගෙ දැනෙන්නේ...

හොස්පිට්ල් එකෙන් දෙන්නම එද්දි ටිකක් හවස් වෙලා තිබ්බේ.පොලිසියෙන් එයාලාගෙ කට උත්තර අරගත්තට පස්සෙ දෙන්නම ගෙදර යන්න පිටත් උනෙ ජන්කුක්ගෙ අම්මලා මේ සිද්දි දැනගත්තොත් අනිවාර්යයෙන් තව දවසක් දෙකක් දෙන්නටම දෙයියනේ කියලා හොස්පිට්ල් ඉන්න වැඩ සිද්ධ වෙන නිසා.

ටැක්සි එකෙන් බැහැලා ජන්කුක් ජිමින්ගෙ අතත් අල්ලගෙනම ගේ ඇතුලට එද්දි ජන්කුක්ගෙ අම්මයි තාත්තයි හිටියෙ ලිවින්ග් ඒරියා එකෙ..ඒ දෙන්නා ආව සද්දෙට අම්මා හිනාවෙලා ජන්කුක් ලගට එන්න ආවත් ඒ වෙලාවෙම ටීවී එකෙ ගිය නිව්ස් එකක් නිසා ජිකුක් දෙන්නට හිතුනා ගෙදර නෑවිත් හොස්පිට්ල් එකේම හිටියොත් හොදයි කියලා..

Bite me |taekook Where stories live. Discover now