bite me chapter 18

1.2K 279 112
                                    

"කුමරුනි , එයාලා ජන්කුක් කියලා කෙනෙක් ගැන අහනවා..එයාලා කියනවා ඒ එයාගෙ පුතා කියලා ....

ටේහියුන් ට ඉස්සරහට යන්න හම්බවුනෙ වත් නෑ,නම්ජූන් ගෙ ආරක්ශකයෙක් ටේහියුන් ඉස්සරහට ආවා.

යුන්ගි ටේහියුනුයි මූනට මූන බලාගත්තෙ එකපාරට මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.

"ජන්කුක් කියන්නෙ මනුස්සයෙක් ,ඉතින් එයාගෙ අම්මයි තාත්තයි වෘකයකුයි,මායාකාරයෙකුයි වෙන්නෙ කොහොමද,බිස්කට් වල මාලු හොදි පොගවන් කනවා වගේ...

යුන්ගි කිව්වෙ ටේහියුන් දිහා අමුතු විදියට බලන ගමන්.

"ඒ මගෙ මේට්,බිස්කට් එකක්වත් මාලු හොද්දක් වත් නෙමේ යුන්ගි ....ඒ අයව චෙක් කරලා ගේට් එකෙන් ඇතුලට එක්කන් එන්න...අපි බලමු මොක්කුද මේ කියලා ...

ඒත් ටේහියුන් ගෙයි යුන්ගිගෙයි අවධානේ බිදුනේ කෙනෙක් උඩතට්ටුවේ ඉදන් සද්දෙට පහලට දුවන් එන සද්දෙ නිසා

"ජන්කුක්?

ටේහියුන් ජන්කුක් ට කතාකරත් ජන්කුක් ටේහියුන් වත් පාස් කරගෙන ඇරලා තියන දොරෙන් එලියට පනින්න හැදුවත් ටේහියුන් ඉක්මනට ජන්කුක් ගෙ ඉනෙන් අල්ලගත්තා ,

"ආහ් අතාරිනවා මෝඩ වවුල් මොටා..මගෙ ඔම්මා ඇවිත් මට ඒක දැනෙනවා , ඔම්මා......ඔම්මා.....අනෙ මෙන්න මේකා මාව මරන්න හදනවාහ්....

ජන්කුක් හයියෙන් කෑගහද්දි යුන්ගි ට හිනාව තදකරගන්න ලොකු උත්සාහයක් ගන්න උනා ,මොකද ජන්කුක්ගෙ සද්දෙ නිසා ටේහියුන් ගෙ මූන නොසෑහෙන්න ඇද වෙලා තිබ්බා.

"කුමරුනි...

ආරක්ශකයා ඔලුව පාත් කරලා ටේහියුන් ගෙ අන බලාපොරොත්තුවෙන් හිටියා ,ටේහියුන් ජන්කුක් ව උස්සලා දොරට විරුද්ධ පැත්තෙන් තියලා ආරක්ශකා දිහාට හැරුනා.

"එයාලව මැන්ශන් එකට ගේන්න..ආරක්ශාව තද කරන්න...යුන්ගි දන්නවනෙ කරන්න ඕනි නේ?

ටේහියුන් ආරක්ශකව යවලා යුන්ගි දිහා බලපු වහ යුන්ගි ඔලුව වනලා ආයෙම ඇතුලට ගියා,ඒ ගියෙ හෝසොක් ට දැනුම් දීලා උඩ ඉදන් එයාලා දිහා ඇහැගහගෙන ඉන්න..

Bite me |taekook Where stories live. Discover now