bite me chapter 12

1.1K 261 58
                                    

"ඔයාලා ඊයේ රෑ සෙල්ලම් ගෙයක් හැදුවද?

බිම වැටිලා තිබ්බ ජිමින්ගෙ බ්ලැන්කට් එක ආයෙම ඇද උඩට දාන ගමන් ඔම්මා අහද්දි ජිමින් අපහසුවෙන් හිනා උනා ,

කෝ එතකොට එතන හිටිය කෙනා..ජිමින් කාමරේ හැමතැනම ඇස් කැරකෙව්වත් එයාට යුන්ගි ව නම් හොයාගන්න පුලුවන් උනේ නෑ..

"ඔකේ ....මං යනවා කිචන් එකට ජිමිනි....ඔයා මතක ඇතුව බෙහෙත් ගන්න හොදද?

"හරි ඔම්මා..

ජිමින් ඔම්මා යනකම් ඉදලා දොර වහලා දැම්මෙ ලොකු හුස්මක් අරන්.ඊලගට එයා දොරට හේත්තු වෙලා කාමරෙ හතරකොන දිහා හොදට බැලුවා ,කොහෙවත් ම යුන්ගි හිටියේ නෑ...

ජිමින් කෝකටත් කියලා ජනේලෙන් පහල බැලුවෙ එයා ජනේලෙන් වත් පැනලද බලන්න උනත් ඊට කලින් ජිමින්ට එයාගෙ ක්ලොසෙට් එකෙන් ලොකු සද්දයක් ඇහුනා.

"ඔය ඉන්නේ..

ජිමින් අතින් එයාගෙ බෙල්ලෙ තිබ්බ රිදී කුරුසෙ තද කරන ගමන් ක්ලෝසෙට් එකෙ බාගෙට ඇරලා තියන දොර ඇරගෙන ඇතුලට ගියා,එතකොට යි එයා දැක්කෙ අමාරුවෙන් බිත්තියට හේත්තු වෙලා ඉන්න යුන්ගි ව, මොන දේ උනත් එවෙලේ යුන්ගි ඉන්න විදිහ දැකලා ජිමින්ට දුක හිතුන්නෑ කිව්වොත් ඒක බොරුවක්,ඒ නිසාමයි ජිමින් ඉක්මනට ගිහින් යුන්ගිට පහසු විදිහට ඉන්න පුලුවන් වෙන්න එයාගෙ සපත්තු අයින් කරේ.

"ඔයා හොදින්ද?

ජිමින් හිමින් මුමුනද්දි යුන්ගි පලවෙනි වතාවට ප්‍රතිචාරයක් විදිහට ඔලුව දෙපැත්තට වැනුවා.

"ඒ කියන්නෙ ඔයා හොදින් නෙමේ,ම-මං ඩොක්ටර් කෙනෙක් ට කතාකරන්නද? එහෙමත් නැත්තන් ඔයාට මොනවහරි බෙහෙතක් ඕනිද?

ජිමින් කලබලෙන් අහද්දි යුන්ගි අමාරුවෙන් ඇස් ඇරලා ජිමින් දිහා බැලුවා..

"..ඔයාගෙ සහෝදරයා .....එ-එයා කවුද?

යුන්ගි අහද්දි ජිමින් යුන්ගි දිහා බැලුවේ මූ මොකද්ද අහන්නෙ වගෙ බැල්මකින්,

"ජන්කුක්ද?එයා ඉතින් ජන්කුක් කෙනෙක් ...ආහ් නෑ ලෝකෙටම ඒවගෙ එක්කෙනෙක් හොදටෝම ඇති..

"මං අහන්නේ ජන්කුක් කියන්නෙ මනුස්සෙක් ද?

යුන්ගි අමාරුවෙන් ජිමින් දිහා බලාගන අහද්දි ජිමින් යුන්ගි දිහා බලන් හිටියෙ නිකන් පිස්සුද වගේ මූඩ් එකකින්.

Bite me |taekook Where stories live. Discover now