bite me chapter 15

1.1K 275 87
                                    

"මං දැන් මොකද්ද කරන්න ඕනි..

ජන්කුක් ඇහුවෙ එයා දැකපු වෙලෙ ඉදන් එයා දිහා අමුතු විදියට බලන් ඉන්න හොසොක්ගෙ ඇස් මග ඇරලා ජින් දිහා බලන ගමන්.

"ජන්කුක් ඔයා යුන්ගිගෙ හාට් එක ලගින් අත තියලා කීපසැරයක් හිතන්න ඔයා හොදින් ඔයා අතින් එයාට කරදරයක් උනෙ නැහැ කියලා...

"ඔයා හිතන්නෙ මං රපුන්සල් කියලද?මට එහෙම මැජික් බලයක් නෑ..

ජන්කුක් කිව්වෙ හෝසොක් දිහා තවත් අමුතුවට බලන ගමන්.

"මෙයා ටේහියුන්ටමයි ගැලපෙන්නේ...

හෝසොක් ජින් දිහා බලලා කියද්දි ජින් හුස්මක් පාතට දාලා ජන්කුක්ගෙ උරහිසින් අල්ලගත්තා..

"එයා කියපු විදියට කරන්න ජන්කූ...ප්ලීස් ප්‍රශ්න අහන්නැතුව...

"හහ්...මං එහෙම කරොත් ඔයාලා මාව ගෙදර ගිහින් දානවද?

ජන්කුක් ඇස් ලොකු කරලා අහද්දි ජින් ඔලුව වැනුවෙ නෑ කියන්න .

"ඔයාව ගෙදර යවන්න තිබ්බා,ඒත් කලින් පාර යවලා නටපු පිස්සුවෙ ප්‍රතිඵල නෙ අපි මේ භුක්ති විදින්නෙ ජන්කුක්..

"මොකද්ද මං නටපු පිස්සුව,මං හැදුවෙ මගෙ යාලුවව බේරගන්න විතරයි , නැත්තම් මේ වෙද්දි ජිමින් මැරිලා ඉදී...ඔයාලට නම් ඒක ගානක් නෑ නේද?ඔයාලා ජීවත් වෙන්න අහිංසක මිනිස්සු කොච්චරක් මරලා දානවා ඇත්ද?

ජින් ජන්කුක් දිහා බලන් ඉදලා ජන්කුක් ලගට ලං වෙන්න උත්සාහ කරා.

"එන්න එපා මං ලගට,තමුසෙත් මිනීමරුවෙක් වෙන්න ඇති..

ජන්කුක් අත ඉස්සරහට කරලා පස්සෙන් පස්සට යන්න හැදුවත් එයා හිටියෙ යුන්ගිගෙ ඇද ලග නිසා ඒක වැලකුනා.

ජින් ජන්කුක් ලගට ආවෙ ජන්කුක්ව සන්සුන් කරන්න හිතාගෙන උනත් ජන්කුක් ඒකෙන් තවත් කලබල උනා.

අන්තිමට ජින්ට මතක ජන්කුක්ගෙ උරහිසින් අත තියන්න හැදුවා කියලා විතරයි,එයාට දැනුනා ගොඩක් ශක්තිමත් දෙයක් එයාව අල්ලලා විසික් කරලා දානවා කියලා...

හෝසොක් කෑගහගෙන ජින් ලගට දුවද්දි ජන්කුක් එයාගෙ අත් දෙක දිහා බැලුවා.ඒක උනෙ එයාගෙ අතෙන් හරි ඇගෙන් හරි කියලා ජන්කුක් ට හොදටම විශ්වාසයි.

Bite me |taekook Where stories live. Discover now