bite me chapter 27

1.1K 246 61
                                    

ජිමින් බලන් හිටියේ ජන්කුක් ආපහු වාහනේට යනදිහා,ජන්කුක් වාහනේට ගියාට පස්සෙ ජිමින් ඉස්සරහ දොර ඇරගෙන ඇතුලට ගියෙ රෑ ලොක් කරපු දොර ඇරලා දාලා තිබුන නිසා

ජිමින් දැක්කෙ මේ ලෝකෙ එයා බලාපොරොත්තු නොවුන දෙයක්.එයාගෙ ඔම්මගෙ ලේ පිරුන සිරුර බදාගෙන ඉන්න එයාගෙ අප්පා...

ඒවගේම ඒ වටේට එයා ඊයෙ ආදරෙන් හග් කරපු නාරි වගේම එයාගෙ දුවත් තවත් පස්දෙනෙකුත් හිනාවෙවී බලන් ඉන්න විදිහ..

ජිමින් කෑගහගෙන එයාගෙ අප්පායි ඔම්මයි ලගට දිව්වෙ මේ වෙද්දො එයාට කරන්න කියලා වෙන දෙයක් ඉතුරු නොවුන නිසා.

"ඔම්මා..

ඔම්මගෙ මුලු ඇගම තුවාල වෙලා.
ඔලුවෙන් ලේ ගලනවා..ඔම්මගෙ වගේම තමයි අප්පගෙත් මුලු ඇගම නිල් පාට වෙලා.

"අප්පා

ජිමින් ඔම්මව බදාගෙන ඉන්න අප්පව බදාගත්තෙ එයා දිහා බලන් ඉන්න මිනිස්සුන්ව අමතක කරලා...

"ඔහෝ...මේ ඉන්නෙ අපි හොයපු මිනිස් පැටියා...එවුන්ජන් නූනා ඔයාලව හැමතැනම හෙව්වා.

"මගෙ ඔම්මටයි අප්පටයි ඉන්න දෙනවා..තේරෙන්නැද්ද මෙහෙම ලේ ගියොත් ඔම්මා මැරෙයි...

ජිමින් කෑගැහුවෙ අඩන ගමන්මයි...මොකද එවුන්ගෙ කිනිස්ස ඇනුන තැනින් ලේ ඉවරයක් නැතුව ගලන්න ගත්තා වගේම පඩිපෙලෙන් වැටුන නිසා එවුන්ගෙ ඇගෙ ගොඩක් තැන් තුවාල වෙලා ලේ ගලමින් තිබ්බා..

"ඔහෝ...ඉතින් මැරුන දෙන්....කොහෙද කියනවා ජන්කුක්..අපිට ඕනි එයා...ජන්කුක් ආවොත් ඔම්මටවත් අප්පටවත් කරදරයක් කරන්නෙ නෑ...පින්කි ප්‍රොමිස්..

ජිමින් ගෙ අත එවුන් තද කරලා අල්ලගෙන ඇස් වලින් කිව්වෙ ජන්කුක් ඉන්න තැන එයාලට කියන්න එපා කියලා කියලා ජිමින් හොදටම දන්නවා.අප්පගෙ ඇස් වලත් ලියවිලා තිබ්බෙ ඒකම තමයි..

"සේජන්...

නාරි එයාගෙ හස්බන්ඩ් ට කතාකරාට පස්සෙ ඇල්ෆා කෙනෙක් උන සේජන් ජිමින් ලගෙ ඉස්සරහට ඇවිත් යොන්සුගෙ ඇදුමෙ කොලර් එකෙන් අල්ලලා නැගිට්ටෙව්වා,යොන්සු එවුන් ව අල්ලන් හිටිය නිසා ජිමින් ඉක්මනට එයාගෙ ඔම්මව ඔඩොක්කුවට ගත්තෙ පුංචි හරි විදිහකින් එයාගෙ ඔම්මගෙ වේදනාව අඩු කරන්න...

Bite me |taekook Where stories live. Discover now