bite me chapter 8

1.2K 260 99
                                    

"එයාව ආපහු යවන්න....

"මොකක්?

යුන්ගි යි ටේහියුනුයි එකපාර කෑගහද්දි ජින් ගොඩක් සන්සුන් විදිහට හිනා උනා.

"මං කිව්වෙ අර හුරතල් පොඩි එකා වගේ ඉන්න එයා කියන්නා වගෙ මහ මිනියා අන්න ඒකව වහාම ගෙදර යවන්න. "

"ඔයාට පිස්සුද ජින් හියුන්ග්,එක්කො අපි ජන්කුක් ගෙ මතකෙ මකන්න ඕනි,එහෙමත් නැත්තන් එයා මැරෙන්න ඕනි..එයාගෙ මතකෙ මැකෙන් නැත්තන් තියන එකම දේ .....

"ඌව මරන එක....

යුන්ගි කිව්වෙ අත මිටමොලවලා ආයෙම වාඩි වෙන ගමන්.

"අහනවා මෝඩ පැටව් දෙන්නා,ජන්කුක් ට තමුසෙගෙ නල්ල මලෙ අමතක කරවන විජ්ජාව හරියන්නෙත් නෑ,එතකොට ඔයා කිව්වා එයාව යක්ශයෝ අරන් යන්න හැදුවා කියලා ,ඉතින් ඒකට හේතුවක් ඇති..අන්න ඒක හොයාගන්නවා.....

ජින් ආයෙම කියද්දි ටේහියුන් හුස්මක් පාතට දැම්මා.

"ඒත් හියුන්ග් අපි කොහොමද එයාව මෙහෙ තියාගන්නේ..අනික යුන්ගි හියොන්ග් ට එයාව දකිද්දි ලේ බොන්න ඕනි උනොත්.කලිනුත් එයාව කන්ට්‍රෝල් කරගත්තෙ බෙහෙත් නිසා..

ටේහියුන් යුන්ගි දිහා බලලා කිව්වත් යුන්ගි ටේහියුන් කියපු දේ ඇහුන්නෑ වගෙ පැත්තකට උනෙ වරදක් කරපු මනුස්සෙක් වගේ.

"මං කිව්වේ යවන්න කියලා..එයා මට පොරොන්දු උනා ඔයගෙ කම්පැනි එකෙන් ජොබ් එකක් හම්බුනොත් ආයෙම පිස්සු වැඩක් කරන්නෙ නෑ කියලා..ඉතින් ඔයා එයාට ජොබ් එකක් දෙන්න..එතකොට දැන් මං ජන්කුක්ව එයාගෙ ගෙදර ගිහින් දානවා..ඔයාල දෙන්නා සතුටින් ඉන්න.

ජින් හිනාවෙලා ආයෙම උඩ තට්ටුවට යද්දි ටේහියුන් යුන්ගි දිහා බැලුවේ උදව් ඉල්ලගන්න උනත් ඒ වෙද්දිත් යුන්ගි හිටියෙ ඇස් පියන් නිදාගෙන වගේ..මිස්ටර් මින් යුන්ගිට ප්‍රශ්න ගැන වදවෙන්න වෙලාවක් නෑනි..එයාට නිදාගන්න ඕනිනේ..

ඊලගට ටේහියුන් දැක්කේ ජින් එක්ක මොනවද කියෝ කියෝ පහලට එන ජන්කුක්ව.ඔච්චරම හිනාවෙන්න තරම් ජින් හියුන්ගෙ ජෝක්ස් ෆනීද?

"ඊට පස්සෙ එයා කිව්වා තාරාවෙක් නෙමේය මං පාත්තෙක්‍ ය කියලා ....

Bite me |taekook Where stories live. Discover now