bite me chapter 20

1.2K 272 144
                                    

"ඒකට කමක් නෑ එවුන්...

ජන්කුක් ගෙ තාත්තා එයාගෙ ලස්සන වයිෆ්ගෙ නලල තමන්ගෙ නලලට තද කරගන්න ගමන් මිමිනුවා.

"මට ජන්කුක් ව දෙන්න බෑ යොන්සූ..මගෙ හුරතලේ කොහොමද එච්චර ලොකු වගකීමක් ගන්නේ.....

"එවුන්..ඔයා දන්නවා අපිට දවසක මේකට මූන දෙන්න වෙනවා කියලා,සද දෙව්දුව අපි දෙන්නව තෝරගත්තෙ අපිව විශ්වාස කරලා,ඉතින් අපි අපෙ වගකීම ඉශ්ට කරන්න ඕනි...ජන්කුක් නැතුව ටේහියුන් ඔටුන්න පැලදුවොත් ලෝකේ සමතුලිතතාවය බිදවැටෙනවා....ඒකෙන් වෙන එක හොද දෙයක් කියන්න එවුන් මට,ටේහියුන් ගෙ වියරුව නිසා මිනීගොඩක් එකතු වෙයි...වෘකයන්ගෙ,වැම්පයර්ලගෙ විතරක් නෙමේ මිනිස්සු පවා මැරිලා යයි එවුන්...

"මගෙ දරුවා මං ලගම ඉදී,අපි කොහෙටහරි යමු...ජන්කුකීව තුරුල් කරන් පරිස්සම් කරමු...

"ඇයි තේරුම් නොගන්නෙ...අපිට බෑ එයාලගෙ දෛවයට හරස් වෙන්න...

"මට බයයි මගෙ දරුවා ගැන යොන්සූ..මට ටේහියුන් ව විශ්වාස නෑ...එයා මට පෙන්නුවොත් ජන්කුක් ට ඇත්තටම ආදරෙයි කියලා මගෙ දරුවා මං ටේහියුන් ට දෙනවා ,මගෙ දරුවව ටේහියුන් ලං කරගන්නෙ බලය ගන්න විතරක් උනොත්....

"එයාලා තේරුවෙ විශේශ දෙන්නෙක්...හිරු දෙවියනුයි,සද දෙව්දුවයි...ඔයා හිතනවද ඒක සාමාන්‍ය ආදරයක් වෙයි කියලා...

"ඔයා හිතන්නෙ අපි ටේහියුන් ට අවස්ථාවක් දෙන්න ඕනි කියලද?

"එවුනා...ටේහියුන් ට ඕනිනම් ජන්කුක්ව පැහැරගන යන්න පුලුවන් ,එයා වගෙ කෙනෙක් ඇයි අපෙ පුංචි ගෙදරට ඇවිත් අපිට සෙකන්ඩ් වෙලා අපෙ දරුවව ඉල්ලන්නේ?හිතන්න එවුන්..ටේහියුන් කියන්නෙ ඔයා හිතන තරම් නරක කෙනෙක් නෙමෙයි...

_____________________________________

ජිමින් එයාට ඔම්මා දාපු මාලෙ අතින් තදකරන ගමන් යුන්ගි ට සැරෙන් සැරේ රවන්න ගත්තා.යුන්ගි ජිමින් ගෙ ඇස් අපහසුවෙන් මගඇරලා හිටියත් ටේහියුන් ගෙ ඇස් නම් තිබුනෙ ජන්කුක් ගෙ රූපෙ ලග ගල් වෙලා.ජිමින් එක දෙයක් දැක්කා..එයාගෙ පුංචි මල්ලි ජන්කුක්ගෙ ඇස් අමුතු විදිහට ටේහියුන් ඉස්සරහ දිලිසෙනවා කියලා ...

Bite me |taekook Where stories live. Discover now