bite me chapter 17

1.2K 276 126
                                    

ටේහියුන් එලියට ඇවිත් ලොකු හුස්මක් ගත්තෙ එයා කාමරේ දාලා ආපු ජන්කුක් ට මොකක් වෙලාද කියලා හිතාගන්න බෑරුව,ඒත් ටේහියුන් ට ආයෙම ටිකකින් මතක් උනා මුලින්ම එයා ජන්කුක් ව හම්බුන දවසෙත් එයා ඔය විදියටම නේද හැසිරුනේ කියලා,

"එයා දැන් මගෙ ආත්මගත සකබබරෙද?

දොරට හේත්තු වෙලා කල්පනාව කරන්න ගත්තේ ජන්කුක් එක්ක තව ඉස්සරහටත් එයා ඉන්න ඕනි නේද කියලා ,

___________________________________

"ඔම්මා.....අප්පා....

ටේහියුන් ගියාට පස්සේ ජිමින් බෙල්ලත් අල්ලගෙන අමාරුවෙන් පහලට බැස්සෙ ටේහියුන් ඔම්මටයි අප්පටයි මොනවහරි කරලද කියලා ලොකු බයකින්,

ජිමින් යද්දිත් ඔම්මයි අප්පයි සාමාන්‍ය විදියට ඉන්නවා දැකලා ජිමින්ට දැනුනෙ ලොකු සැනසුමක් ,

"ජිමින්

අප්පා ජිමින්ව දැකලා නැගිට්ටෙ ජිමින්ගෙ මූනෙ තිබ්බ බය දැකලා..

"අප්පාහ්...

ජිමින් ඉක්මනට ගිහින් අප්පව තදේට බදාගත්තා,ටිකකින් ජිමින් අඩන්න ගත්ත නිසා ඔම්මත් කලබලෙන් ජිමින්ට ලං උනේ මොකක් උනත් නරකක් වෙයි කියලා එයාට දැනුන නිසා..

"චිම්..ඇයි මේ අඩන්නේ..මොකද උනෙ ඔම්මටයි අප්පටයි කියන්න ...

ඔම්මා අප්පා දිහා ඇස් වලින් බලන ගමන් කතා කරා,

"ජන්කුක්...ජන්කුක්ව ටේහියුන් අල්ලන් ගිහින් ඔම්මා..

ජිමින් දන්නවා එයාට කරන්න කිසිම දෙයක් නෑ කියලා ,එයාට බෑ ඒ තිරිසන්නු එක්ක හැප්පෙන්න..අනික ජිමින් දැන් දුර්වලයි..

"ඔයා මොකද්ද කියන්නෙ ජිමින්..ජන්කුක්ව කවුද අරන් ගියේ..

ජිමින්ගෙ උරහිසින් අල්ලගෙන අප්පා ඇහුවෙ ගොඩක් කලබල වෙලා,ජිමින් හිටියෙ ඊටත් වඩා කලබල වෙලා,

"වැම්පයර්...වැම්පයර්ලා ....

ජිමින් මුමුනද්දි ඔම්මා අත කටින් වහගෙන එහෙම්ම සෝෆා එකට කඩන් වැටුනා..අප්පා ජිමින්ව අත ඇරලා ඔම්මව අල්ලගත්තා,ජිමින් දැක්කා එයාගෙ එක වචනෙකින් ඔම්මයි අප්පයි හොදටම බයවෙනවා..

Bite me |taekook Where stories live. Discover now