bite me chapter 42

1.1K 185 51
                                    

තව දුරටත් ජන්කුක් ගෙ ඇගෙ හුස්මක් රැදිලා නැ කියලා ටේහියුන් ගෙ උඩු හිත මිමිනුවත් යටි හිත නම් කිව්වේ නෑ එයා මැරිලා නෑ...කියලා

ටේහියුන් ජන්කුක් ගෙ නලල ඉම්බා..පිලිවලට කම්මුල් වලට ඇස් වලට නහයට ඒ තොල් වලට....ජන්කුක් ගෙ ඇගෙ උනුසුම නැතුවෙනකන් ටේහියුන් ජන්කුක් ව ඉම්බා..ටේහියුන් කෑගැහුවා...අහස කවදාවත් නැතුව කලු වෙද්දි අකුනු එක පිට එක පුපුරද්දි ටේහියුන් ගෙ විලාපෙ ත් ඒවට එකතු උනා..

"ඔයා මෙහෙම ඇස් පියාගෙන ඉන්නෙ කොහොමද මගෙ ප්‍රිම් රෝස්.....ඉක්මනට නැගිටින්න ඔයයි බේබියි නිදාගත්තහම මං තනිවෙනවානෙ ජන්කුකී.....ප්ලීස්...ඇස් අරින්න.....

ටේහියුන් මිමිනුවා..ටේහියුන් ගෙ වචන කදුලු එක්ක ගිලිලා යද්දි ජන්කුක් ගෙ පන නැති සිරුර ටේහියුන් හොලව හොලව ඇඩුවා...අන්තිමේදි ටේහියුන් පොලොව පවා සීරුවා,දරාගන්න බැරුම තැන තමන්වම හපාගත්තා...ජන්කුක් ගෙ ලේ අත්වලට අරන් ඒවා හංගන්න හැදුවා...

ජන්කුක් ගෙ සීතල වුන තොල් ටේහියුන් ගෙ උනුසුම් තොල් එක්ක රැදුනා...උරුමක්කාරයාගෙ නිමක් නොවන උනු කදුලු වලට බැරි උනා ඔහුගෙ සහකාරයව උනුසුම් කරන්න....

ලොකු අකුනක් මාලිගා භූමියෙ පුපුරන සද්දෙන් ටේහියුන් ඔලුව ඉස්සුවා...ඒ ඇස් රතු වෙලා...ඒවා ලේ පාටයි..ලේම ලේ පාටයි...

අඩපු ටේහියුන් ගෙ ඇස් වල හැගීම් මැරිලා තියෙද්දි කට කොනට හිනාවක් ආවා...

"හියුන්ගී ඉක්මනට එන්නම් බේබි...හියුන්ගී බබාලා දෙන්නා ලගට ඉක්මනට එන්නම්...

ජන්කුක් ගෙ අඩ සද සිප ගෙන ටේහියුන් අතුරුදන් උනා...ඒත් ටේහියුන් ජන්කුක් ව උකුලෙ තියන් හිටියෙ කොහොමද ඒ විදිහටම ජන්කුක් අවකාශයෙ පාවෙමින් හිටියා...

උත්සව ශාලාව ඇතුලෙ කලබල කරන වැම්පයර් වරු නරවෘකයෝ අතරින් ටේහියුන් හෙමින් ඇවිදගෙන ඉස්සරහට ගියා..එන්නෙ ඔවුන්ගෙ සත්‍ය උරුමක්කාරයා වග දන්න පිරිස දෙපැත්තට වෙලා ඉඩ දෙද්දි ටේහියුන් දැක්කා ඔටුන්න හිස දරාගන ඉන්න හෝසොක් ව වගේම හෝසොක් ගෙ අතක පැටලිලා තිබ්බ එවුන්ජන් ගෙ අත..

Bite me |taekook Where stories live. Discover now